කෝප් කමිටුවේදී මහින්දානන්දගෙන් බැසිල්ට තදබල ප්‍රහාරයක් …

Date:

ඊයේ (21) පාර්ලිමේන්තුවේ පැවති පොදු ව්‍යාපාර කාරකසභාවේ (කෝප් කමිටුව) රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට තදබල දෝෂාරෝපණයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

මන්නාරමේ යෝජිත විදුලිබල ව්‍යාපෘතියක් ඉන්දීය අදානි සමාගමට ලබාදීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බලපෑම් කර ඇති බවට ප්‍රකාශයක් මීට පෙර කෝප් කමිටුව හමුවේදී හිටපු විදුලිබල මණ්ඩල සභාපති එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා විසින් සිදුකර තිබුණු අතර එය මහත් ආන්දෝලනයකට තුඩු දී තිබිණි. පසුව එම ප්‍රකාශය ඉල්ලා අස්කරගත් ෆර්ඩිනැන්ඩු මහතා විදුලිබල මණ්ඩල සභාපති තනතුරින් ද ඉල්ලා අස්වූයේය.

ඊයේ කෝප් කමිටු රැස්වීමේදී මෙම ප්‍රකාශය පිළිබඳ යළි සාකච්ඡාවට භාජනය වූ අතර එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර ඇත්තේ එය හුදෙක් ෆර්ඩිනැන්ඩු මහතාගේ වුවමනාව අනුව පමණක් සිදුකළ ප්‍රකාශයක් නොව බැසිල් රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත සිදුකර ඇති ප්‍රකාශයක් බවයි. ඉන්දියාවෙන් ණය මාර්ගයක් ලබාගැනීම සිදුකළේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයාව සිටියදී බැවින් එහි ගෞරවය තමන්ට පමණක් සතුකර ගැනීමේ වුවමනාවකින් බැසිල් රාජපක්ෂ මහතා පසුවන බව පවසා ඇති අලුත්ගමගේ මහතා ඒ අනුව එම ණය මාර්ගය තවත් අයෙකුට ඉදිරියට ගෙනයාමට නොදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නයක් මතුකිරීමට බැසිල් රාජපක්ෂ මහතාට වුවමනා වී ඇති බවටත් චෝදනා කර ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨයකු වන, හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ වනවිට පාර්ලිමේන්තුවේ ස්වාධීන වී සිටින මන්ත්‍රී කණ්ඩායම සමග සමීපව දේශපාලන කටයුතු කරමින් සිටින අතර ඩලස් අලහප්පෙරුම මහතාව අගමැති කරවීමේ ව්‍යාපෘතියටත් සම්බන්ධ වී සිටින බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...