කටේ තියන්න බැරි ජාතික රෝහලේ කෑම

Date:

කොළඹ ජාතික රෝහලේ නේවාසික රෝගීන්ට සහ කණිෂ්ට කාර්ය මණ්ඩලය සඳහා ලබාදෙන ආහාර, කෑමට ගත නොහැකි තරම් නීරස බව රෝගීන් සහ කණිෂ්ට කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පවසනවා. මේ දිනවල සහල් සහ එළවළු මිල ගණන් දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති අතර මේ නිසා ජාතික රෝහලේ පමණක් නොව රටේ රෝහල් බහුතරයක දෛනිකව ලබාදෙන ආහාර කෑමට ගත නොහැකි තත්වයට පත්ව තිබේ.

ඇතැම් දිනවල දහවල් ආහාරය සඳහා ඇඹරැල්ලා සහ පිපිඤ්ඤා වැනි එළවලු වර්ග දෙකක් පමණක් අන්තර්ගත වන අතර එම එළවලුද ඉතා නීරස බවයි කණිෂ්ට කාර්ය මණ්ඩලයේ සේවකයන පවසන්නේ. එක් එළවලුවක් සමග හෝ කෑමට ගතහැකි මට්ටමේ ආහාර වේලක් ලබා දෙන්නේ නම් එයද ප්‍රමාණවත් වන බවයි එම සේවකයන් මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ.

මස් මාලු මිල ගණන් ඉහළ ගොස් ඇති නිසා ජාතික රෝහලේ සති ගණනක සිට මස් මාලු තබා කරවල හෝ ලබාදීමට නොහැකි වී තිබේ.

මේ අතර කිරිපිටි හිගය සහ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් කිරි තේ ලබාදීම සම්පූර්ණයෙන් අත්හිටුවා ඇති අතර ඇතැම් අවස්ථාවලද කහට පමණක් ලබාදෙන බවද රෝගීන් හා සේවකයන් පවසනවා.

ඉන්ධන අර්බුදය හේතුවෙන්, නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ඥාති හිතවතුන්ට ඔවුන්ගේ සුවදුක් විමසීම සඳහා පැමිණීමට නොහැකි තත්වයක් තුළ මෙම අර්බුදය බරපතල තත්වයක් බවට පත්ව තිබේ.

සහල්, එළවලු ඇතුළු ආහාර වර්ගවල මිල ගණන් දිනෙන් දිනම ඉහළ යාම හේතුවෙන් රෝහල්වලට ආහාර සපයන සැපයුම්කරුවන්ද දැඩි අසීරුතාවයට පත්ව තිබේ. මීට අමතරව ගෑස් අර්බුදයක්ද පවතින බැවින් ආහාර පිසීමද බරපතල අර්බුදයක් වී ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...