ගෝල්ෆේස් එකේ දැන් ඉන්නෙ තක්කඩියො පිරිසක්, මොකටද තවත් බලාගෙන ඉන්නෙ ? – අරගලකරුවන් එළවන්නැයි විමල් නොකියා කියයි

ගෝල්ෆේස් අරගලය ආරම්භයේදී ඉතා සුන්දර, කාබනික ගොවිතැන වැනි යහපත් අරමුණින් ආරම්භ කළ වැඩපිළිවෙලක් වන නමුත් දැන් එය කුඩුකාරයන්ගේ තිප්පොලක්, තක්කඩියන්ගේ එකතුවක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

කාබනික ගොවිතැන වැනි යහපත් අරමුණකින් ආරම්භ වූ ගෝල්ෆේස් අරගලයට අද වනවිට රසායනික ගොවිතනැට වූ සන්තෑසියම අත්ව ඇති බවද වීරවංශ මහතා ප්‍රකාශ කරනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉහළ නිළධාරීන් පිරිසක් මෙරටට පැමිණ සිටියදී ඔවුන්ගේ කටයුතුවලටද බාධා සිදු කරමින් අරගලකරුවන් කටයුතු කළ බව පෙන්වා දෙන විමල් වීරවංශ මහතා පවසන්නේ රට අස්ථාවර බව තහවුරු කර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම වැළැක්වීම අරගලකරුවන්ගේ අරමුණ බවයි.

අරගලකරුවන් රට අරාජික කිරීම සඳහා පිස්සු නටමින් සිටියදී තවත් ඉවසාගෙන බලා සිටින්නේ මන්දැයි ඔහු විමසා සිටිනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...