නිමල් සිරිපාල නෙරපීමට එරෙහිව නිකුත් කළ වාරණ නියෝගය දීර්ඝ කරයි

Date:

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කළේය.

තනතුරුවලින් නෙරපා හැරීමේ ශ්‍රීලනිප තීරණයට එරෙහිව නිමල් සිරිපාල මහතා ගොනුකළ පෙත්සම අද කොළඹ දිසා විනිසුරු පූර්ණිම පරණගම මහත්මිය හමුවේ කැඳවා තිබිණි. පෙත්සම හෙට දක්වා කල්තැබූ විනිසුරුවරිය, හෙට දිනය දක්වා වාරණ නියෝගය දීර්ඝ කිරීමටද නියෝග කළාය.

පෙත්සෙම් විත්තිකරුවකු ලෙස නම්කර සිටින ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙුනවෙන් පෙනී සිටි නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේ ගැටලුව සමථයකට පත්කර ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවයි.

වාරණ නියෝගය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...