*
Friday, April 19, 2024
spot_img

Latest Posts

එක්සත් ජනපදයේ බැඳුම්කර හිමියකු ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පවරයි – බ්ලූම්බර්ග් වාර්තාව මෙන්න!

සිදු වෙමින් පවතින ආර්ථික කඩාවැටීම නැවැත්වීමට අරගලයක් නිරත වෙමින් සිටියදී ඉතිහාසයේ ප්‍රථම වතාවට සිය ණය ගෙවීම පැහැර හැරීමෙන් පසු ශ්‍රී ලංකාවට බැඳුම්කර හිමියෙකු විසින් එක්සත් ජනපදයේ අධිකරණයක නඩු පවරා ඇත.

නඩුව ගොනු කළ හැමිල්ටන් රිසර්ව් බෑන්ක් ලිමිටඩ් (Hamilton Reserve Bank Ltd) නැමති එම බැංකු සමාගම පවසන්නේ, ශ්‍රී ලංකාව සිය ස්වෛරීත්ව බඳුම්කර සඳහා ණය සේවා සැපයීම නැවැත්වූ බවයි. හරස් පැහැර හැරීමක් ඇති කරමින්, වෙනත් බැඳුම්කර දෙකකට ද ගෙවීම් අතපසු කර ඇති බවත් පවසමින්, පොලිය සමග මූලික මුදලින් ඩොලර් මිලියන 257.5ක් වහාම ගෙවන ලෙසද අදාළ සමාගම ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇත.

ජූලි 25 වන දිනට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 1000 ක ශ්‍රී ලංකාවේ 5.875% ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250 කට වඩා වැඩි මුදලක් එනම් සම්පුර්ණ බදුම්කරයෙන් 25%කට වඩා හිමි හැමිල්ටන් රිසර්ව් බෑන්ක් ලිමිටඩ්, මූලික හා පොලී සම්පූර්ණයෙන් ගෙවන ලෙස ඉල්ලා මෙම නඩුව ගොනු කර ඇත.

ස්වෛරී බැඳුම්කර දෙකක් සඳහා මග හැරුණු පොලී ගෙවීම් සඳහා දින 30ක සහන කාලයක් ඉකුත්වීමෙන් පසු ශ්‍රී ලංකාව මැයි මාසයේදී ණය ගෙවීම් පැහැර හැරීමට ලක් විය.

සෙන්ට් කිට්ස් ඇන්ඩ් නෙවිස් හි පිහිටි හැමිල්ටන් රිසර්ව් බෑන්ක් ලිමිටඩ්, එම නඩුවේදී කියා සිටියේ, මෙම පැහැර හැරීම පාලක රාජපක්ෂ පවුල ඇතුළු “ආණ්ඩුවේ ඉහළම මට්ටමේ නිලධාරීන් විසින් නිර්මාණය කරන ලද්දක්” බවයි. ශ්‍රී ලංකාව, ප්‍රකාශිත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී දේශීය බැංකු සහ අනෙකුත් උනන්දුවක් දක්වන පාර්ශ්වවල බැඳුම්කර බැහැර කර ඇති බවට ද හැමිල්ටන් රිසර්ව් බෑන්ක් චෝදනා කළේය. හැමිල්ටන් රිසර්ව් බෑන්ක් ලිමිටඩ් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ මෙහි “ප්‍රතිඵලයක් වශයෙන්, මෙම අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකා පාර්ශවයන්ට මුලික මුදල හා පොලී ගෙවීම් හිමිවන බවයි.

එහෙත් Fidelity Investments, BlackRock, T. Rowe Price, Lord Abbett, JPMorgan, PIMCO, Neuberger Berman සහ අනෙකුත් අමෙරිකානු ආයෝජකයින්ට දින නියමයක් නොමැතිව ගෙවීම් පැහැර හැර ඇති බවත්, මේ හේතුවෙන් අමෙරිකානු විශ්‍රාමිකයින් ඔවුන්ගේ මුල් ආයෝජන වටිනාකමෙන් 80% ක් දක්වා විශාල අලාභයකින් දැඩි ලෙස පීඩා විඳින බවත් නීතිඥවරු පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත.

Pacific Investment Management Co., T. Rowe Price Group Inc. සහ BlackRock Inc. ඇතුළුව ශ්‍රී ලංකාවේ විශාලතම ණය දෙන්නන් කණ්ඩායමක් පිහිටුවා ඇති අතර ඔවුන් ලංකාවට ලබා දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඉක්මනින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව Bloomberg වාර්තා කරයි. විධිමත් නිවේදනයකට පෙර නිර්නාමික භාවය ඉල්ලා සිටියේය.

මේ වන විට ලංකාවේ උද්ධමනය 40% දක්වා ඉහළ ගොස් ඇති අතර ණය පැහැර හැරීම නිවේදනයෙන් පසු ආනයනික ආහාර සහ ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් අවසන් වීම හේතුවෙන් විශාල අර්බූදයකට ලක්ව සිටියි. “දෛනික ජීවිතය අඩාල නොවන බව” සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 5 ක් අවශ්‍ය වන අතර රුපියල ශක්තිමත් කිරීම සඳහා තවත් ඩොලර් බිලියන 1 ක් අවශ්‍ය බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ මස මුලදී පාර්ලිමේන්තුවට පැවසීය.

ජපානය, ඉන්දියාව සහ චීනයේ ද්විපාර්ශ්වික ණය ඇතුළුව සිය සංකීර්ණ ණය හිමියන්ගේ ජාලය සමග නැවත සාකච්ඡා කිරීමේ දුෂ්කර කාර්යය සඳහා රජය බඳවාගත් මූල්‍ය සහ නීති උපදේශකවරුන් වන Lazard සහ Clifford Chance මේ වන විට සුදානම් වෙමින් සිටියි.

ශ්‍රී ලංකා බලධාරී​හු සඳුදා IMF සමඟ සාකච්ඡා ආරම්භ කළහ. ඒ ඉදිරි මාසවලදී ඩොලර් බිලියන 6ක් සොයා ගැනීමට එළඹීය හැකි ගිවිස්සුමක් වෙනුවෙන් කටයුතු සම්පාදනයටයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan