සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤයේ සමාජවාදී අගමැති පේද්රෝ සැන්චෙස්ගේ බිරිඳවන බෙගෝනා ගෝමස්ට එරෙහිව දුෂණ වංචා චෝදනා ගොනුකර ඇති අතර ඇයට රටින් පිටවීම තහනම් කර තිබේ.
විලාසිත වෘත්තීය සමිතියක් වන මනෝස් ලිම්පියාස් කණ්ඩායමේ පැමිණිල්ලක් මඟින් අගමැති බිරිඳට එරෙහිව නඩු විභාගය පැවැත්වෙන අතර බෙගෝනා ගෝමස්ට වංචා කිරීම, බලපෑම් කිරීම, ව්යාපාර ගනුදෙනුවල දූෂණ සහ අරමුදල් අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇත.
55 හැවිරිදි ඇය සියලුම චෝදනාවන් ප්රතික්ෂේප කර ඇති අතර විනිසුරු ජුවාන් කාලෝස් පීනාඩෝ විසින් මසකට දෙවරක් අධිකරණයට වාර්තා කරන ලෙස ඇයට නියෝග කර ඇත.
අගමැති සැන්චෙස් තම බිරිඳට එරෙහි නඩුව පදනම් විරහිත සහ දේශපාලනික වශයෙන් අභිප්රේරිත අපහාසයක් ලෙස ප්රකාශ කර ඇති අතර යුරෝපයේ ප්රසිද්ධ වාමාංශික නායකයෙකු වන අගමැති, තම දේශපාලන හා මාධ්ය විරුද්ධවාදීන් තම පවුල පසුපස හඹා යන බවට චෝදනා කර ඇති අතර අධිකරණයේ සමහර සාමාජිකයින්ගේ අපක්ෂපාතීත්වය ද විවෘතව ප්රශ්න කර තිබේ.

