ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW: මේ වන විට ඉරානය සහ ඇමරිකාව අතර පවතින තත්ත්වය අනුව ඉන්ධන සඳහා QR කේතය තවදුරටත් භාවිතා කිරීමේ අවශ්යතාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක පවසයි.
පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව පිඩාවට පත්ව සිටින අතර විශේෂයෙන් ත්රීරෝද රථ සඳහා QR කේතය භාවිතා කිරීම දැඩි දුෂ්කරතා මතුකර ඇති හෙයින් ඔවුන් වෙනුවෙන් තමන් පවසන්නේ දැන් QR කේතය ඉවත් කිරීම යෝග්ය බව යැයි මන්ත්රීවරයා සඳහන් කරයි.
මේ සමඟම තෙල් මිලද සංශෝධනය විය යුතු බව ද මන්ත්රීවරයා කියා සිටියි.
ඊයේ දිනය වන විට හෝමුස් සමුද්ර සන්ධිය යළි වසාදැමීමට ඉරානය කටයුතු කළද සමස්තයක් ලෙස ඉන්ධන මිල පහත වැටී ඇති බවයි මන්ත්රීවරයා සඳහන් කරන්නේ.
ගෝලීය ප්රශ්න ඉදිරියේදීත් බලපානු කරනු ඇති මුත් රු 220- 230 මට්ටමේ පැවති ඉන්ධන බැරලයක මිල අද 80 – 85ට අඩු වී ඇති හෙයින් එම සහනය ජනතාවට හිමිවිය යුතු බව හෙතෙම පවසයි.


