ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධුරය අහිමි වෙයිද ? – පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ අභියාචනයක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ විභාගයට ගැනීමට අවසර ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් ගොනුකළ අභියාචනා පෙත්සමකි.

ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන්ද කටයුතු කරමින් ව්‍යවස්ථාපිත විධිවිධාන උල්ලංඝනය කර ඇති බවත් ඒ අනුව ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් රේණුක පෙරේරා මහතා විසින් මීට පෙර අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනුකර තිබිණි.

එහිදී පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් ජනාධිපතිවරයා නම්කර නොමැති නිසාත් වගඋත්තරකාර අමාත්‍යවරයා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් කටයුතු කළද ඔහු රජයෙන් කිසිදු වැටුපක් ලබාගෙන නොමැති නිසාත් එම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා විසින් මූලික විරෝධතාවක් ඉදිරිපත් කර තිබුණු අතර එම මූලික විරෝධතාව පිළිගත් අභියාචනාධිකරණය අදාළ පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කිරීමට පසුගිය වසරේදී තීන්දු කර තිබිණි.

අභියාචනාධිකරණයේ එම තීන්දුවට එරෙහිව රේණුක පෙරේරා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කළ අතර එම පෙත්සම අද (22) ජනක් ද සිල්වා, මේනකා විජේසුන්දර සහ සම්පත් විජේරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බලනු ලැබිණි.

ඒ අනුව අද දිනයේදී පෙත්සම්කාර පාර්ශ්වය සහ වග උත්තරකාර අමාත්‍යවරයාත් නීතිපතිවරයාත් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුනුත් යන දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල මෙම අභියාචනය විභාගයට ගැනීමට ඒකමතිකව තීරණය කළේය.

මෙම අභියාචනය නොවැම්බර් මස 03 වනදා විභාගයට ගැනීමටයි විනිසුරු මඬුල්ල නියෝග කර ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...