2027 වන විට පළාත් නවයටම එකම පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:2027 වෙනකොට පළාත් නමයටම එකම ජාතික පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ අද (22) බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ මොස්වර්ල්ඩ් මාටිනස් පදනම එක්ව පෙර පාසල් ගුරුවරුන් 500 දෙනෙකු සඳහා ඩිප්ලෝමා සහතික ලබාදීම සදහා ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහනට අදාල ගිවිසුම්ගත වීමේ වැඩසටහනට එක්වෙමිනි.

ඒ අනුව 2027 සිට සියලු පෙර පාසල් නියාමනය කරන අතර පෙර පාසල්වල ගුණාත්මකභාවය වර්ධනය කිරීම සහ ගුරුවරුන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් කරන බවයි ඇය කියා සිටියේ.

පෙර පාසල් විෂය තාමත් ලංකාවේ පවතින්නේ අවිධිමත් ආකාරයකට බවත් එය තවම රාජ්‍ය සේවාවක් බවට පත්ව නොමැති බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.

”අපි නව රජය විදිහකට මුල් ලමා විය සංවර්ධනයට ප්‍රධානතම අවධානය යොමු කරන අමාත්‍යංශයක් විදියට එය ප්‍රධාන කරුණක් ලෙස සලකනවා. එහි ප්‍රධානම දෙයක් තමයි මුල් ළමා විය අධ්‍යාපනය. අපි විශ්වාස කරනවා ඒය අප රටේ තිබෙන අනිත් අධ්‍යාපනික කටයුතු සමඟ සමාන්තරව යා යුතුයි කියලා. මෙය අධ්‍යාපන අමාත්‍යංශයත් සමග සම්බන්ධ විය යුතුයි. මෙම පෙර පාසල් විෂය කියන එක තාමත් ලංකාවේ පවතින්නේ අවිධිමත් විදියකට. එය තවම රාජ්‍ය සේවාවක් විදියට පත්වෙලා නැහැ. බදවා ගැනීමේ පටිපාටියක් ඔවුන් නිරීක්ෂණයට අමාත්‍යාංශයක් නැහැ.එය සංවෘත වූ විෂයක් විදියටයි පවතින්නේ. පෙර පාසල් ගුරුවරුන්ට පත්වීම් ලබා දෙන්නට කිසිදු කෙනෙක් නැහැ.

මේවා බොහොමයක් පෞද්ගලික ආයතනය විදියටයි යන්නේ. එහෙම වුණහම මේවල සංවර්ධනයට රාජ්‍ය මුදල් වියදම් කිරීමේදී විශාලත් ගැටලුවක් වනවා අපිට. පෙර පාසල් ගුරුවරුන්ගේ වෘත්තිය නිපුණත්වය ඇගයීමට අඛණ්ඩ ක්‍රියාවලියක් නැහැ.

ගිය වසරේදී අපි පෙර පාසල් සඳහා විෂය මාලා රාමුවක් හඳුන්වා දීම සිදු කළා. ඒ වගේම ඔවුන් පුහුණු කිරීමේ කටයුතු අපි සිදු කළා. පෙර පාසල් පවත්වාගෙන යාමේදී භෞතික වටපිටාව අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ලබාදිය හැකි මට්ටමේ තිබිය යුතුයි. අනිත් කාරණය ගුරුවරයා නව අධ්‍යාපනය පිළිබඳව යාවත්කාලීනව විය යුතුයි. අවුරුදු පහක් යනකොට ලෝකයේ ඕනෑම දැනුම් පද්ධතියක් කල් ඉකුත් වෙනවා. මේ නිසා අලුත් දෙය හැදෑරීමට හැකියාව තිබිය යුතුයි.

වර්තමාන පෙර පාසල් අධ්‍යාපන ක්‍රමය දැන් තරගකාරී තත්ත්වයකට මුහුණ දී තිබෙනවා. ක්‍රියාකාරකම් වැඩි ඉගැන්වීම් වැඩි. මේ නිසාම මානව දයාව ඇති දරුවන් බිහිවීම විරල වෙලා.

2027 වෙනකොට පළාත් නමයටම එකම ජාතික පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ මගින් සියලු පෙර පාසල් නියාමනය කරනවා. පෙර පාසල්වල ගුණාත්මකභාවය වර්ධනය කිරීම සහ ගුරුවරුන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම රජය නියාමනය වන පූර්ව ළමා .සංවර්ධන පිළිවෙලක් අපි හදනවා.”

මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාතේ අමාත්‍යංශ ලේකම්වරුන්, නිලධාරින්, ජාතික අධ්‍යාපන ආයතනය සහ විවෘත විශ්ව විද්‍යාලයේ නියෝජිතයින්, මොස්වර්ල්ඩ් මාටිනස් පදනමේ නියෝජිතයින් සහභාගි විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...