දැනට තියෙන පෙට්‍රල් ඩීසල් මිලේ ලොකු වෙනසක් කරන්න බෑ. ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවෙලා නෑ – තෙල් සංස්ථා MD

ශ්‍රී ලංකාවේ දැනට පවතින ඉන්ධන මිල ගණන්වල ලොකු වෙනසක් සිදුකිරීමේ හැකියාවක් දැනට නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසයි.

“ලෝක වෙළඳපොලේ මිල පල්ලෙහාටත් පැමිණෙමින් තිබුණා. නමුත් පසුගිය සිකුරාදා දිනයේදී ලෝක වෙළඳපොලේ පෙට්‍රල් සහ ඩීසල් දෙකේම මිල වැඩිවුණා. එතකොට එක දිගටම මිල අඩුවීමේ සම්භාවිතාවක් නෙවෙයි තියෙන්නේ, නැවතත් වැඩිවෙමින් තියෙනවා. මේ වෙනකොට නැවතත් ඩීසල් සහ පෙට්‍රල් කියන දෙකේම මිල යුද්ධයට කලින් තිබිච්ච මිල දක්වා පහතට වැටිලා නැහැ. එතකොට වැඩි මුදලකට තමා තියෙන්නෙ. දැනට තියෙන මිලේ ලොකු වෙනසක් කරන්න පුළුවන් කියලා එකක් දැනට ලෝක වෙළඳපොලේ තියෙන මිල ගණන් එක්ක පේන්න නැහැ”

තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ ඊයේ (22) දිනයේදී මාධ්‍ය කළ විමසීමකදී පිළිතුරු ලබාදෙමිනි.

2026 මැයි 30 වනදා සිදුකළ මිල සංශෝධනය අනුව දැනට පවතින ඉන්ධන මිල ගණන් පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...