පරණ පිහාටුමල්වල සුවඳ විඳ ගන්න 24 දා කටුනායක දී දොර හැරේ

Date:

ක්‍රීඩාවේ යම් ඉතිහාසයක් දරා ගෙන ඇති ප්‍රවීනයන්ට ඒ මාර්ගයේ නිරෝගීව පෙරට යන්නට අවස්ථාව හිමි කර දෙන සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමය පවත්වන ප්‍රවීන බැඩ්මින්ටන් තරගාවලිය ජූනි 24 වන දා කටුනායක නිව් සනීරෝ ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේ දී පැවත්වීමට නියමිතයි.


ප්‍රවීනයන් තරගකාරී බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නියැලෙන අතරේම ඔවුන්ගේ හැකියාවෙන් වර්ථමානය පෝෂණය කිරීම සඳහා දක්වන දායකත්වයේ තරම ද,පසුගිය දා නිමාව දුටු ඔටර්ස් බැඩ්මින්ටන් තරගාවලියේදී දකින්නට ලැබුණා.මේ තරගාවලියට ප්‍රවීන කුසලතාවයන් ජය සංඛේත සමඟ පිරිනමන මුදල් ත්‍යාගවලින් ද සරසන්නට අවශ්‍යය කටයුතු මේ වන විට සම්පාදනය වී තිබෙනවා.


මේ ආකාරයට සෑම ප්‍රවීන තරගාවලියක්ම වර්ථමාන දක්ෂයන්ගේ තරගාවලියකින් ද සමන්විත කළ හැකිනම් එය අපූරු අතීතය සහ වර්ථමානය පෑහීමක් විය හැකියි.ක්‍රීඩාවේ සංයමය සහ අත්දැකීම් සහිත ප්‍රවීනයන්ගේ පැසුණු ක්‍රීඩා විලාසය වර්ථමානයට පාඩමක් වෙන තරමටම එවැනි පිටියකදී ක්‍රීඩාවෙන් උපයන සතුට සහ මුදල ඉක්මවා ප්‍රවීනයන්ට තමන් වපුරපු බිමේ බැඩිමින්ටන් පලදාව මේ වන විට කෙතරම් සශ්‍රීකව වැඩි ඇද්ද යන්නත් සියැසින් දැක සතුටු විය හැකියි.


කෙසේ නමුත් බොහෝ ක්‍රීඩාවල නැති ප්‍රවීනයන්ට බැඩිමින්ටන්වල ඇති පළල් අවස්ථාව ඇගයිය යුතු අතර මේ අවස්ථාවන් ඊයේ සහ අද පෑහෙන රන් රසක් බවට පෙරළීමට යම් ආකාරයකට කල්පනා කරන්නේනම් වෙනත් ක්‍රීඩාවක නොදැකිය හැකි මට්ටමේ අතීත,වර්ථමාන සම්බන්ධතා සමඟ බැඩිමින්ටන් ක්‍රීඩාව ඉදිරියට ගෙන යා හැකියි.පරම්පරා ගණනක දක්ෂතා එකට පෑහෙන විදින අපූරු චමත්කාරය බැඩ්මින්ටන් ප්‍රේක්ෂකාගාරයටද නැවුම් අත්දැකීමක් වෙනු ඇත.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...