*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

සක්වල, හුස්ම වැඩසටහන් නිර්දය ලෙස විවේචනය කරන්නේ වැඩ බැරි කයිවාරුකාරයෝ – සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

තමා සම්පත් බෙදනවා කියා තමාට බනින පිරිසක් සහ නිර්දය ලෙස විවේචනය කරන පිරිසක් සිටින බවත් ⁣නැති තැනට සම්පත් ලබා දීම ජාතික අපරාධයක්, සාපරාධි ක්‍රියාවක්, මංකොල්ලකෑමක් ලෙස මොවුන් අර්ථකථනය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමගි ජන බලවේගය හැර සෙසු පක්ෂ සියල්ල එකට එකතු වී සක්වල හා හුස්ම වැඩසටහන් නිර්දය ලෙස විවේචනය කරන බවත් මේවා විවේචනය කරන්නේ වැඩ බැරි කයිවාරුකාරයින් බවත් මෙයට හේතුව ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට විපක්ෂයක් රාජ්‍ය බලයක් නොමැතිවත් ජනතාව වෙනුවෙන් වැඩ කිරීම බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 250 වැනි අදියර යටතේ කුරුණැගල මාවතගම ජාතික පාසලට රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී ඒ මහතා පාසලේ නර්තන කණ්ඩායමට සහ නෙට්බෝල් කණ්ඩායමේ අඩුපාඩු සපයා ගැනීමට රු. ලක්ෂ 2ක මුදලක් ද පරිත්‍යාග කළේය.

මනුෂ්‍යත්වයක් ඇති අයෙක් මානුෂීය ගුණාංග ඇති අයෙක් බංකොලොත් රටේ අධ්‍යාපන උපකරණ, රෝහල් උපකරණ බෙදීමට විරුද්ධ නැති බවත් බංකොලොත් රටේ අප සැවොම ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව රටටත් ජනතාවටත් පිහිට විය යුතු බවත් මේ සියලු විවේචනය දේශපාලන ඩීල් හරහා ක්‍රියාත්මක බවත් තමා ඇතුළු තමාගේ කණ්ඩායම නම් මේ ඩීල්වල නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයට ඇත්තේ් ලක්ෂ 220 ජනතාවට සමග සමාජ ගිවිසුමක් බවත් තමා ළඟ කෙටි පාරෙන් ජනාධිපතිකම් අගමැතිකම් ඇමතිකම් ලබා ගන්නා ඩීල් නොමැති බවත් එය සමගි ජන බලවේගයටත් නොමැති බවත් ඇති එකම ගිවිසුම වන්නේ රට ගොඩනගන සමාජ ගිවිසුම බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ ඩීල් ගහන අය පාසල්වල ඇති අඩුපාඩු නොසොයන නමුත් සමගි ජන බලවේගය මේ අඩුපාඩු සොයා කටයුතු කරන බවත් සමගි ජන බලවේග රජයක් තුළ අධ්‍යාපනයේ සාධනීය වෙනසක් ඇති කිරීමට යන බවත් පැවසූ විපක්ෂ නායකවරයා ඒවා කරද්දී දෙමාපියන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන්, දරුවන් පාරට බැස්සවිය හැකි බැවින් මේ ගැනත් අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටියේය.

නිදහස් අධ්‍යාපනය දියුණුවනවාට විරුද්ධ වන්නේ පෞද්ගලික පාසල්වලට යන දරුවන් සිටින දේශපාලන චරිත බවත් මේ බැටළු හම පෙරවා ගත් වෘකයින් රූපවාහිනී ඉදිරියේ කොපමණ විවේචන කළත් මේ වැඩසටහන් නතර නොකරන බවත් ඒ සියලු ගැරහීම් මේ ගමනට වාසියක් කර ගන්නා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ ලබාදී තිබේ. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 88ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4292ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 250ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2709ක් ද වැය කර තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan