*
Friday, June 28, 2024
spot_img

Latest Posts

නිෂ්පාදන ආර්ථික කතාව යුටෝපියාවක්ද ? යතාර්ථයක්ද ?

නිශ්පාදන ආර්ථිකයක්, ජාතික ආර්ථිකයක් වගේ වදන්වල අතීතකාමය, ජාතිකවාදය එක්ක ඈඳුන පොඩි ලල් එකක් තියෙනවා.. ඒත් ඒක එක්තරා ජනප්‍රියවාදක් පමණයි .. ඒක යතාර්ථය තුළදී ප්‍රැක්ටිකල් නෑ…

ඇත්තෙන්ම අපි නිශ්පාදන ආර්ථිකයකින් බලාපොරොත්තු වෙන්නෙ කුමක්ද..? අපේ නිශ්පාදන ගෝලීය වෙලඳපොල කරා යැවීමද..? නමුත් මේ වනවිට ගෝලීය වෙලඳපොලේ පවතින සියළු සැපයුම් වල තාක්ෂණය, නිශ්පාදන ප්‍රාගුන්‍යය, ආයෝජන සක්‍යතාවය පැත්තෙන් ඒවා පවතින්නේ අපි පටන් ගැනීමට යන තැනට වඩා සියවසක් පමණ ඉදිරියෙනි..

එසේත් නැත්නම් අපි නිෂ්පාදන ආර්ථිකයක් හදන්ට යන්නේ අපිටම ගැනීමටද..? එහිදී ද යම් භාන්ඩයක් රට තුල නිශ්පාදනය කරනවාට වඩා කිහිපගුනයක ලාබයකට පිටින් ගෙන්වා ගත හැක…

ඒ නිසා මේ දෙකම බංකොලොත් වීමට නියමිත ව්‍යාපෘතීන් වේ..

මෙහිදී අප කල යුත්තේ අපට අවශ්‍ය දේ පිටින් ගෙන්වාගෙන ඒ සඳහා ගෙවීමට අවශ්‍ය විනිමය සෙවීමට ගෝළීය වෙළෙඳපොළ තුල විකිනිය හැක්කේ කුමක්දැයි සොයා බැලීමය.. වෙළෙඳපොළ ආර්ථිකය යනු වෙළෙඳපොළ ආර්ථිකයයි.. එහි අඩක් වෙළඳපොල ආර්ථිකය වී ඉතිරි අඩ වෙන මොනවා හෝ ආර්ථිකයක් විය නොහැකියි.. ගෝලීය වෙළෙඳපොළ තුල විකිනිය හැක්කේ විකිනෙන දේ මිස අපට ඇවැසි දේ නොවේ..

ලංකාවේ වගේ කුඩා දූපතක විකිනිය හැක්කේ සේවාවන්‍ ය…එනම් සේවා ආර්ථිකයක් නිර්මාණය කරගැනීමයි…

උදා:- සංචාරක කර්මාන්තයට අදාල සේවාවන්..

මේවන විට සංචාරක කර්මාන්තය පවතින්නේ පැරණි නටඹුන් පෙන්වීම, ස්වබාවික වෙරළ බාවිතා කිරීමට දීම වැනි සීමිත වපසරියක පමණි .. ඒ සඳහාද කොළඹ සිට අදාල නටඹුන් බැලීමට යන මාර්ගයේ සංචාරකයින්ට වරුගනන් ට්‍රැපික්වල සිරව සිටීමට සිදුවේ.. සංචාරකයින් මෙහි පැමිනෙන්නේ අඩු කාලයකින් අදාල තැන් නරඹා පිටව යාමට මිස වරු ගනන් බස්වල සිරව සිටීමට නොවේ.. නමුත් ඊට අදාල කාර්‍ය සාධන වැඩපිළිවෙළක් කිසිවෙකු නොසොයයි..

අනික් පැත්තෙන් කැසීනෝ හා ලිංගික ශ්‍රමය සැපයීම වැනි දෑ ද දැවැන්ත සංචාරක කර්මාන්තයකට අදාල අනිවාර්ය කොටසකි… හේතුව ඇතැම්විට කැසීනෝ සඳහාම පැමිනෙන විනෝදකාමී බිලියනපති සංචාරකයන් එක් රැයකදී ඩොලර් ලක්ෂ ගනන් වියදම් කර ආපසු යයි… එවන් විනිමයක් කුඩා කුඩා දේ අපනයනය කිරීමෙන් වසරක් තුලදී වත් උපයා ගත නොහැක…

ලිංගික ශ්‍රමය සැපයීම රටේ සංකෘතියට නොගැලපේ නම් අදාල ශ්‍රමිකාවියක් පිටින් ගෙන්වාගෙන වෙනම සන්චාරක කලාප පිහිටුවිය හැකිය.. මෙරටට සංචාරකයන් පැමිණීම නිසා අපේ අහවල් සභ්‍යත්වයට හානිවෙතැයි යන ආචීර්ණ කල්පික පොදු සිතිවිල්ල ද සංචාරක කර්මාන්තය දියුණු නොවීමට බලපෑ එක් හේතුවකි…

එසේ සේවා ආර්ථිකයක් සම්බන්ධව දියුණු කල හැකි දෑ තවත් පවතී..

ඒ මිස නිශ්පාදන ආර්ථිකයක් යනු සිරිමාගේ අල බතල ආර්ථිකයේම තවත් විකාර වර්ෂන් එකක්ම මිස වෙන අන් කවරක්වත් නොවේ..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan