වත්කම් ව්‍යාප්තිය හා ධන බද්ද

ඉදිරියේදී පැනවීමට යෝජිත ධන බද්ද / වත්කම් බද්ද ගැන යම් සංවාදයක් ඇති වී තිබෙනවා. බොහෝ විට මේ බද්ද ගෙවන්නට සිදු වනු ඇත්තේ යම් අවම වත්කම් ප්‍රමාණයක් තිබෙන අයටයි.

පහත තිබෙන්නේ ක්‍රෙඩිට් සුවිස් ආයතනයේ ඇස්තමේන්තු අනුව ලංකාවේ වැඩිහිටියන්ගේ වත්කම් ව්‍යාප්තියේ සංයුතියයි.

ඩොලර් 10,000ට අඩු (රුපියල් මිලියන 3ට අඩු) – 50.7%

ඩොලර් 10,000-100,000 අතර (රුපියල් මිලියන 3-30 අතර) – 44.3%

ඩොලර් 100,000- මිලියන 1 අතර (රුපියල් මිලියන 30-300 අතර) – 4.8%

ඩොලර් මිලියන 1ට වඩා වැඩි (රුපියල් මිලියන 300ට වඩා වැඩි) – 0.1%

මෙම ඇස්තමේන්තු අනුව රටේ වැඩිහිටි ජනගහණය 14,846,000ක් වන අතර එක් වැඩිහිටියෙකු සතු සාමාන්‍ය වත්කම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් 27,040ක් හෙවත් රුපියල් මිලියන 8.1ක් පමණ වෙනවා. ඒ අනුව, රටේ සියලුම වැඩිහිටියන් සතු වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 401.4ක් පමණ වෙනවා.

අදාළ වාර්තාව අනුව, ඩොලර් 100,000 ඉක්මවන වත්කම් ඇති වැඩිහිටියන් වැඩිම ප්‍රමාණයක් ඉන්නේ චීනයේ. එම ප්‍රමාණය 173,733,000ක්. ඇමරිකාවේ එම ප්‍රමාණය 120,206,000 වන අතර ලංකාවේ 727,000ක් පමණ වෙනවා. ඩොලර් 100,000 ඉක්මවන වත්කම් ඇති වැඩිහිටියන් ලෝක පරිමාණයේදී ඉහළ මධ්‍යම පාන්තිකයින් සේ සැලකිය හැකියි. චීනයේ වේගවත් ආර්ථිකය වර්ධනයේ රහස පසුගිය කාලයේදී මෙවැනි ඉහළ මධ්‍යම පාන්තිකයින් විශාල පිරිසක් බිහි වී සිටීමයි.

මෙම මට්ටමේ වත්කම් හිමි ජපනුන් 56,668,000ක් සිටින අතර ප්‍රංශයේ, එක්සත් රාජධානියේ හා ජර්මනියේ එම ප්‍රමාණයන් පිලිවෙලින් 29,576,000ක්, 29,224,000ක් හා 28,782,000ක් වෙනවා.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...