(VIDEO)කළුපහන පෙරටු කරගෙන ශ්‍රී ලංකා තරුණයෝ සුදු අධිරාජ්‍යයට එරෙහි වෙන්නට යති

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 23, (LNW) කොළඹ :

එංගලන්තයේ සංචාරයක යෙදෙන අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින තරග 3 ට සහ සිව් දින තරග දෙකක් සඳහා සහභාගිවීමට පිටත්ව ගියා.දිනුර කළුපහනගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමේ උප නායකත්වය දරන්නේ ෂරුජාන් ෂන්මුගනාදන්.


නිමාව දුටු අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන කණ්ඩායමේදී ක්‍රිඩා කළ ක්‍රීඩකයින් පස් දෙනෙකු ද දායකත්වය සහිත මෙම කණ්ඩායමට එරෙහිව තරග වඳින එංගලන්ත කණ්ඩායම නියෝජනය කරමින් ද ශ්‍රී ලංකා ක්‍රිඩකයෙකු තරග වදිනවා.18 හැවිරිදි දිනෙත් කේෂන ෆොන්සේකා මේ වන විට ලැන්කෂයර් ප්‍රාන්තය නියේජනය කරන අතර ඔහු එංගලන්ත 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් අයර්ලන්තයට එරෙහිව ශතකයක් පවා ලබා ගැනීමට සමත් වී තිබෙනවා.


පුරා මාසයක කාලයක් එංගලන්තයේ තරග වඳින ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම සිය අනාගත ක්‍රිකට් වෙනුවෙන් වෙනස් පාරිසරික තත්ත්වයන් මෙන්ම වෙනස් තණතිලි සම්බන්ධයෙන් ද මේ සංචාරයේ දි වැදගත් අත්දැකීම් රැසක් එකතු කර ගන්නට නියමිතයි.මේ සමඟ දැක්වෙන්නේ අවුරුදු 19 න් පහළ කණ්ඩායම ආගමික චාරිත්‍රානුකුලව එක් වුණු ආහිර්වාදයෙන් ඉනික්බිති සිය නෑ හිත මිතුරන්ගේ ද සුබ පැතුම් සහ ආශිර්වාද සමඟ දිවයිනෙන් නික්ම යන්නට සැරසුණු අවස්ථාවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...