අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් ලෙඩ නිවාඩු දමීමේ තීරණයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 23 , කොළඹ (LNW):

හෙට (24) සහ අනිද්දා (25) දෙදින , අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසයි.

ඔවුන් පැවසූවේ, අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

මේ අතර තම ගැටලු අවම මට්ටමෙන් විසඳාගැනීමට අවශ්‍ය ලිඛිත එකඟතාවයන් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලබාදී ඇති බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකාබද්ධ කමිටුව පවසයි. විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ද දින 50කට වැඩි කාලයක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටියි.

ඒ සම්බන්ධයෙන් රජය පාර්ශ්වයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙන්නේනම් හෙට හෝ අනිද්දා වැඩවර්ජනය අවසන් කිරීමට හැකි බව එහි සම සභාපති මංගල දඹරේරා මහතා පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...