“මෙත්සිරිපාය” කැළෑවට ගියේ ඇයි?

සටහන – රෂිකා හෙන්නායක ජුනි 23 , කොළඹ (LNW):

වසර පහකට වැඩි කාලයක් පුරා පොළොන්නරුවේ මෙත්සිරිපාය පරිපාලනය ගොඩනැගිලි සංකීර්ණය නිලධාරීන්ගේ කඹ ඇඳීමක් හේතුවෙන් කැලැ වදිමින් පවතින බව පරිසරය ස්භාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳව පාර්මේන්තු ආංශික අධීක්ෂන කාරක සභාවේදී තොරතුරු අනාවරණය වූ බව අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

සියළුම රාජ්‍ය ආයතන එකම ස්ථානයකට ගෙනවිත් ජනතා සේවය කාර්යක්ෂම කිරීමේ අරමුණින් ඉදිකෙරුණු මෙම ගොඩනැලි සංකීර්ණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මූලිකත්වයෙන් ඉදිකරනු ලැබ ඇත්තේ රුපියල් කෝටි 101ක පමණ විදයමකින් වන අතර, මෙහි වර්ග අඩි ප්‍රමාණය එක් ලක්ෂ හතළිස් එක්දහසක් බව පැවසේ.

මෙම ස්ථානයේ වායු සමීකරන ඇතුළු පහසුකම් නැති හෙයින් ඊට යා නොහැකි බව ආයතන ගණනාවක නිලධාරීන් ප්‍රකාශ කර තිිිබෙන බව එම කමිටුවේදී තොරතුරු අනාවරණය වී තිබෙන අතර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු තවත් සමහර ආයතන ප්‍රධානීන් මේ ස්ථානයේ පදිංචියට යෑමට කැමැත්තෙන් සිටියත් මෙතෙක් කිසිවෙකුගෙන් හෝ ඒ සඳහා උපදෙස් ලැබී නැති බව පැවසේ.

ස්ථානයේ කුළිය වැඩි නිසා පැමිණිය නොහැකි බවට සමහර ප්‍රධානීන් කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇති අතර, ඒ අවස්ථාවේදී මහා භාණ්ඩාරයේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ එම කුලී මුදල් ගෙවන්නේ මහා භාණ්ඩාගාරයෙන් බැවින් ඒ ගැන ගැටළුවක් ඇති කර ගත යුතු නැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...