සටහන – රෂිකා හෙන්නායක ජුනි 23 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
මෙරට මුහුදු සීමාව තුළ අනවසරයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු ඉන්දීය යාත්‍රා තුනක් නාවික හමුදා භාරයට ගැණුනු අතර, යාපනය ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමේදී ධීවර යාත්‍රා සහ එහි සිටි ධීවරයින් විසිදෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙන බව පැවසේ.
ඔවුන් කංකසන්තුරේ වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂණ කාර්යාලය වෙත භාරදීමට නියමිත බව වාර්තා වේ.