Breaking News: කටාර් අගනුවරට මිසයිල ප්‍රහාර මාලාවක්!

0
587
TOPSHOT - This picture shows projectiles above Jerusalem, on October 1, 2024. Iran has launched a missile attack on Israel's commercial hub Tel Aviv, state media reported on October. (Photo by Menahem Kahana / AFP) (Photo by MENAHEM KAHANA/AFP via Getty Images)

සටහන – පුලී
ජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
  ඉරානය විසින් කටාර් හි එක්සත් ජනපද හමුදා කඳවුරු වෙත මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.

ඇමරිකාව තම න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බෝම්බ හෙලීම සහ අස්ථාවර කලාපයේ ආතතීන් උත්සන්න කිරීමට පළිගැනීමක් වශයෙන් මෙය සිදු කර තිබේ.

කටාර් අගනුවර වන දෝහාහි ඉහළ අහසේ මිසයිල යන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කටාර්හි අල් උදෙයිද් ගුවන් කඳවුරේ ස්ථානගත කර ඇති ඇමරිකානු හමුදාවන්ට පහර දුන් බව ඉරානය රාජ්‍ය රූපවාහිනියෙන් නිවේදනය කර තිබේ.

ඉරානයේ තර්ජන මධ්‍යයේ පූර්වාරක්ෂාවක් ලෙස කටාර් සිය ගුවන් අවකාශය වසා දැමීමෙන් ටික කලකට පසු මෙම ප්‍රහාර එල්ල විය.