මෛත්‍රීගේ ලිපියට පුටින්ගෙන් කඩිනමින් ප්‍රතිචාර

Date:

ඒරොෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්වය සමනය කර ගැනීමේ අරමුණින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 05 වැනිදා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා වෙත ලිපියක් යවා තිබිණි. ඊට ප්‍රතිචාර දක්වමින් පුටින් ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් එවා තිබෙනවා.

අදාල ලිපිය මෙරට රුසියානු තානාපති යූරි මැටෙරි මහතා විසින් සිරිසේන මහතා වෙත ඊයේ බාරදීමට පියවර ගෙන තිබිණි.

රුසියානු නායකයා සිය ලිපියෙන් දන්වා තිබෙන්නේ ඒරොෆ්ලොට් සමාගම විසින් නැවත ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් සිටින බවයි. ඒ සඳහා ශ්‍රී ලංකා රජය සහ රුසියාව අතර පැවැත්වෙන සාකච්ඡා සඳහා මැදිහත් වන ලෙස රුසියානු නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩඒම සඳහා ඉන්ධන, පොහොර ඇතුළු ආධාර ලබාදීමට රුසියානු රජය කැමැත්තෙන් පසුවන බව රුසියානු තානාපතිවරයා පවසා තිබෙනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකා රජය පැත්තෙන් ඒ සඳහා තවමත් යහපත් ප්‍රතිචාර ලැබී නොමැති බව පෙන්වා දෙන තානාපතිවරයා පවසන්නේ ශ්‍රී ලංකාව බළධාරීන් මීට වඩා උනන්දුවෙන් සහ කැපවීමෙන් කටයුතු කරන්නේ නම් රුසියාවෙන් වඩා සක්‍රීය දායකත්වයක් ලැබෙනු ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසද තානාපතිවරයා හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...

එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...

බොලිවියාවේ ඉදිරි දේශපාලන වෙනසක් සිදුවේද? බොලිවියාවේ ජනාධිපතිවරණය ගැන නොදත් දේ..

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...