*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

චින්න චින්න ආසෛ – 32 ජය අපටයි !

`එදත් සූරයා අදත් සූරයා` එකේ ගාමිණී හිරෙන් නිදහස් වෙනවා. `ජය අපටයි` එකේ විජේ හිරෙන් පනිනවා. `මමයි රජා` එකේ විජේ “ඉපදී ලොවේ නවාතැන්පොළේ මිනිසා රඟයි රංගනේ“කියල ජෝති හඬින් කියනකොට.. “භවයෙන් භවේ විරාමේ අපේ – කාලේ ටිකයි ජීවිතේ“ කියල ජීවන් `ග්‍රේෂන් හඬින්` කියනව. හිරේ යනවා කියන එක බයිස්කෝප්වල විසිල් වදින වැඩක් වුණාට ඇත්ත ජීවිතේ එච්චරම සුවදායක සෙල්ලමක් නෙමෙයි. ඒ නිසා තමයි මිනිස්සු සිර දඬුවමට බය. තමන් කළ වරද ගැන එක තැනක හිරවෙලා තත්පරයක් තත්පරයක් ගානේ පසුතැවෙන්න මිනිස්සු බයයි.

ඒත් සිර දඬුවම වුණත් ආස්වාදයෙන් භාරගන්න සූදානම් සිරකරුවන් විශේෂයක් ලෝකයේ ඉන්නවා. ඒගොල්ලන්ට කියන්නේ දේශපාලන සිරකරුවන් කියලා. දේශපාලනය ඇත්තට කරන මිනිස්සු තමන්ගේ අදහසට අවංක නිසා හිරේ විලංගුවේ වැටුණත් පසුතැවිල්ලක් නැහැ. නීතියේ වගන්තිවලින් කුමන චෝදනාව ගොනු කළත් තමන් දණ්ඩනයට ලක්වෙන්නේ සමාජයට වරදක් කරලා නෙමේ – සමාජය වෙනුවෙන් සටන් කිරීම නිසාය කියන හැඟීම හදවතේ දරාගත්ත මිනිස්සුන්ට පසුතැවීම් නැහැ.

නීල මහා යෝධයා ගජබා රජ්ජුරුවෝ එක්ක සොළී රටට ගිහින් එහි සිටි සිංහල සිරකරුවන් දොළොස් දහසක් එක්ක ආ බව සඳහන් වෙන්නේ ජන කතාවක. ඒ කතාව ඇත්ත නම්, ඒ බේරාගෙන ආවේ දේශපාලන සිරකරුවෝ. එදා මෙදා තුර මේ දූපතේ දේශපාලන සිරකාර කතා බොහොමයි. කොහොම වුණත් ගජබා රජ්ජුරුවෝ සොළී රටෙන් මේ රටට වැඩිපුර අරගෙන ආව සොළී සිරකරුවන් දොළොස්දාහට මොකද වුණේ කියල ජනකතාකරුවා හරියටම කියල නැහැ. කොහොමත් කොහේ කොතැනක වුණත් ඉතිහාසය වැඩිපුර ලියැවෙන්නේ බලවත් පිළේ දේශපාලන සිරකරුවන්ගේ ඉරණම අකුරු අතර හංගලා.

ඒත් බලයට එපිටින් තවත් ඉතිහාසයක් ලියවෙන බව ගොඩක් පාලකයො දන්නෙ නැහැ. ඒ ඉතිහාසය තමයි අරගලයේ ඉතිහාසය. අරගලය මේ ලෝකයේ පරණම මනුෂ්‍ය ක්‍රියාව නෙමෙයිද කියල ලියුම්කරු කල්පනා කරනවා. පරණ ක්‍රියාවක් ! හැබැයි හැමදාම නව අර්ථ එක්වෙන. එනිසාම අලුත් ක්‍රියාවක් !වානරයා මානවයා බවට පත්වෙනකොට ඉර එළියට ඇහැ අරින එකත් අරගලයක් වෙන්නැති. කොඳු ඇටපෙළ කෙළින් කරගන්න එකත් අරගලයක් වෙන්නැති. ජීවිතය වඩාත් සුවපහසු කරගන්න මිනිස් වංශය තියපු හැම පියවරක්ම විස්මයජනක අරගලයක්.

එදා මෙදා තුර මෙදියත දනන් කළ ඒ කෝටි සංඛ්‍යාත සටන්වල කතාන්දරය නෙමෙයි නම් වෙන මොකක්ද ඉතිහාසය කියන්නේ ? ලස්සනම දේ කියන්නේ, ඒ බොහෝ අරගල මිනිස්සුන්ගේ ඇස් අරවන්නත් කොන්ද කෙළින් කරන්නත් කෙළින්ම සම්බන්ධයි. මිනිස්සුන්ගේ ඇස් ඇරෙනවට කැමති නැති උන් – කොන්ද කෙළින් කරනවට අකැමති උන් ; අරගල කරන උන්ව අල්ලලා හිරේ විලංගුවේ දාන එක අරුමයක් නෙමෙයි. ඒත් ඉතින් අයිතිවාසිකම් වෙනුවෙන් සටන්කරන උන්ව මර්දනය කරනකොට අහක බලාගෙන ඉන්න එක නම් කරුමයක්, ආගමිකව නෙමෙයි දේශපාලනිකව.

`එදත් සූරයා අදත් සූරයා` එකේ ගාමිණී හිරෙන් නිදහස් වෙනවා. `ජය අපටයි` එකේ විජේ හිරෙන් පනිනවා. ඒ වෙලාවේ ජීවන් අනෙක් හිරකාරයෝ එක්ක එකතුවෙලා ලස්සන සින්දුවක් කියනවා, ජේලර් මහත්තුරුන්ගේ අවධානය වෙනස් කරවන්න. “සතුටින් නිදැල්ලේ – අවසර ලද ඇසිල්ලේ – මේ අඳුරින් මිදීල ඉගිලී යයි කුරුල්ලෝ“ ග්‍රේෂන් ආනන්ද – හේමසිරි හල්පිට – සරත් ද අල්විස් ලස්සන වැඩක් ඒක.  නටමින් ගයන්න පුළුවන් දේශපාලනික සින්දුවක් ඒක. සිත සවියෙන් පුරවා – සිටිනා අය ජය ලබලා – මේ ලොවේ සුව විඳී සැම දිනේ……….

මේ දොරගුළු බිඳින්න – පැතූ පැතුම් සඵල වෙන්න
සතුටින් පියාඹන්න – රූං කියා නිද‍හසේ…!!!

– විමල් කැටිපෙආරච්චි 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan