දරුවන් මන්ද පෝෂණයෙන් ගලවා ගන්න GMOA වෙතින් පස්වැදෑරුම් යෝජනාවලියක්!

Date:

දරුවන් මුහුණ දී සිටින මන්ද පෝෂණ තත්ත්වයෙන් ගැලව ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පස්වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.

ආර්ථික අර්බුදය හමුවේ පවතින තත්ත්වයට නිවැරදි හා කඩිනම් විසදුම් ලබා නොදෙන්නේ නම් දැනටමත් යම් මට්ටමකින් පවතින පෝෂණ ගැටලු මන්දපෝෂිත අනාගත පරපුක් බිහි කිරීම දක්වා ඔඩුදුවා යා හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙන පරිදි ළමා මන්ද පෝෂණය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ 7 වන ස්ථානයේ පසුවන අතර දකුණු ආසියා කලාපයේ දෙවන තැන පසු වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වාදෙන්නේ.

සමස්තයක් වශයෙන් මිලියන 1.7කට වැඩි ළමා ජනගහණයක් පෝෂණ ගැටලු හරහා මන්ද පෝෂණ තත්ත්වයක් කරා ගමන් කිරීමේ අවදානමට ලක්ව ඇති බව ඉතා බැරූරුම් ලෙස සැලකිල්ලට ගත යුතු බවත් එම සංවිධානය පවසයි.

ඒ අනුව පවතින තත්ත්වය යම් මට්ටමකින් හෝ කළමණාකරණය කරගනිමින් පෝෂණ ගැටලුවල බලපෑම් අවම කර ගැනිමත්, අනාගත පරපුර මන්දපෝෂණයේ ගොදුරු බවට පත් නොවීමත් සහතික කිරීම සඳහා ඔවුන් පස්වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත.

  1. පවතින තත්ත්වය පිළිබඳව විද්‍යාත්මක පදනමකින් යුත් පසු විපරමක් සිදුකර දිවයින පුරා ළදරු ළමා පෝෂණ තත්වයන් හා ඒ හරහා මන්දපෝෂණයට ඇති සැබෑ අවදානම තක්සේරු කළ යුතු ය.
  2. ආහාර පිළිබඳව ඇති මිත්‍යා මත ගැන සැබෑ අවබෝධයක් ලබා දීම ත් විකල්ප ආහාර වර්ග හරහා ගුණාත්මක ආහාර වේලක් සහතික කර ගන්නා ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ත් කළ යුතුය. පෝෂදායී ආහාර වේලක් පිළිබඳ මූලික සංකල්ප ජනතාව වෙත ලබා දිය යුතු ය.
  3. ගෙවතු වගාව හා සත්ව පාලනය (ධීවර කර්මාන්තය ද ඇතුළත්ව) පිළිබඳව දැනටමත් ක්‍රියාත්මක දිරි ගැන්වීමේ වැඩ පිළිවෙල කඩිනම් ජාතික වැඩ සටහනක් දක්වා පුළුල් කොට ප්‍රකාශයට පත් කළ යුතු ය.
  4. ගුණාත්මක ප්‍රෝටීන් ප්‍රභවයක් සහිත (උදා:- මස් / මාලු/ කිරි/ බිත්තර/ කරවල) ආහාර වේලක් පිළිබඳව ජනතාව දැනුවත් කර අඩු ආදායම් පවුල් සඳහා විශේෂයෙන් ඉලක්ක කර ගත් ඒ සඳහා වන සහන වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. ඉදිරි අතුරු අය වැය හරහා මේ සදහා මුදල් වෙන් කළ යුතු ය.
  5. ගර්භණී මව්වරුන් හා ගැහැණු දරුවන් විශේෂයෙන් ඉලක්ක කර ගත් පෝෂණය ඉහළ නැංවීමේ වැඩ සටහනක් මගින් මන්දපෝෂණයේ විෂම චක්‍රය බිඳ දැමීමට මැදිහත් විය යුතුය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...