අර්බුදය හෙට අනිද්දා ඉවරවෙන්නේ නැහැ. දැන් අපි අපිටම උදව් කරගත යුතුයි – චම්පික

Date:

කොළඹ LNW:ලංකාව තුළ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හා බංකොලොත්භාවය හේතුවෙන් මේ වනවිට ජනතාව විශාල පීඩාවකට ලක්ව ඇති බවත් එයින් වඩාත් පීඩාවකට ලක්ව ඇත්තේ මෙරට දරුවන් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ එක්සත් ජනරජ පෙරමුණ ජනගත කර මාසයක් පිරිම නිමිත්තෙන් මහරගම අපේක්ෂා රෝහල වෙත ආධාර බෙදාදීමේ වැඩසටහනකට එක්වෙමිනි.

මේ වනවිට අපේක්ෂා රෝහලේ දරුවන් ඖෂධ නොමැතිකමින්, ආහාර නොමැතිකමින්, නිසි සනීපාරක්ෂක පහසුකම් නොමැතිකමින් අසරණ භාවයට පත්වී සිටින බවත් ඒ වෙනුවෙන් සංඝයා වහන්සේලාගෙන් හා හිතවතුන් එක්ව එක් දරුවකු සඳහා රුපියල් 10,000ට අධික වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම සිදුකර තිබේ.

එහිදී එම රෝගී දරුවන්ගේ දෙමව්පියන් සමඟ සාකච්ජා කිරීමේදී ඔවුන් හට ඇති විශාලතම අපහසුතාවය තම දරුවන් වෙනුවෙන් අවශ්‍ය ඖෂධ ලබාගැනීම බව අනාවරණය වූ බවත් විවිධ පුද්ගලයන් ඖෂධ සම්බන්ධව විවිධ ප්‍රකාශ සිදුකළද
යථාර්තයට මුහුණ දෙන මෙම රෝගී දරුවන් ඖෂධ නොමැතිකමින් දුක්විඳිමින් සිටින බව වැඩසටහන සමඟ සම්බන්ධ වූ පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

සෑම දෙයක්ම රජය ලබාදෙනතෙක් නොසිට මේ වනවිට විදේශ රටවලට යාමට කෝටි ගණන් වියදම් කරන මෙරට ඇතිහැකි අය හැකි නම් මෙම රෝගී දරුවන් පමණක් නොව දිවයිනේ සෑම රෝහලකම හා පාසලකම දරුවන් පිළිබඳව අවදානය යොමිකර යම් උපකාරයක් සිදුකිරීමට උනන්දු වීම සිදුකලයුතු බව හෙතෙම කියාසිටියි.

මෙම අර්බුදය මෑතක අවසන් වන දෙයක් නොවන බවත් එය තවත් දීර්ඝ කාලයක් පැවතිය හැකි බවත් එම නිසාවෙන් අප අපටම උපකාර කරගන්නා සමාජයක් ඇති කිරීම කළ යුතුව තිබෙන බවයි රණවක මහතා පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...