*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

හිරුණිකා කළකිරීමෙන් – ජාතික සංවිධායක ළඟ තියන් නායකයින් පතුරු අරියි!

කොළඹ LNW:සමඟි ජන බලවේගය සම්බන්ධයෙන් තමන් කලකිරීමෙන් පසුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමඟි වනිතා බලකායේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

තමන් සම්බන්ධයෙන් පක්ෂය කිසි තැකීමක් නැති බවත් සමහරුන් දවල්ට නායකතුමා එක්ක ඉඳගෙන රෑට හරීන් එක්ක ක්ලබ් වල බොන බවයි ඇය සඳහන් කරන්නේ.

එහෙයින් නායකත්වය ලෙස සජිත් ප්‍රේමදාස මහතා ද කොන්ද කෙළින් තබාගෙන වැඩකළ යුතු බව ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව පැවසූවේ ජනපවුර වැඩසටහනේ කඩුවෙල ආසනය රැස්වීම අමතමිනි.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි එය සංවිධානය කර තිබුණේ.

”මිනිස්සුන්ට මාස කිහිපයකට කලින් පෝලිම්වල මැරුණා කියලා මතක නෑ.ප්‍රභාකරන් කියලා තියෙනවා සිංහල මිනිස්සුන්ට මතක සති දෙකයි කියලා.සමහර චැනල් මිනිස්සුන්ට අරගලය එපාවෙන නිව්ස් දානවා.මිනිස්සු පාරට බැස්සේ බඩගින්න නිසයි. ප්‍රසන්න රණතුංගලා කියනවා අරගල කළේ කුඩුකාරයන් කියලා. ලෝකේ පළමු වතාවටයි පාලකයෙක් පන්නලා දැම්මේ. අපේ කොන්ද අපි පෙන්නුවා.අරගලයෙන් පත්වෙච්ච රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලා රකිනවා.මට නම් රනිල් වික්‍රමසිංහ කතා කරන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ මාත් එක්ක තරහයි ගෙවල් පිච්චුවා කියලා.අපේ පක්ෂේ දිව දෙකේ අය ඉන්නවා. සමහරු උදේට නායකතුමා එක්ක ඉදලා රෑට හරීන් එක්ක ක්ලබ්වල බොනවා.රනිල්ට පංති භේදය තියෙනවා අදටත් තනතුරු දෙන්නේ එහෙමයි.හරීන්ලා ගිය වෙලාවේ විනය පරීක්ෂණයක් කළා නම් මේ අය තැන තැන කියවන්නේ නෑ. මේක ඇතුලේ කකුල් දෙක දෙපැත්තක තියන් නායකයා ගණන් ගන්නේ නැත්නම් වැඩක් නෑ. මම කලකිරීමෙන් ඉන්නේ.මමත් බොහොම අමාරුවෙන් කැපකිරීම් කරන්නේ.අපි ගැන කිසිම තැකීමක් නෑ මේ අවුරුදු තුන ඇතුලේ ජන පවුර වැඩසටහන ඇරෙන්න ජන්ද එකතුකරගන්න වෙන් කිසිම වැඩසටහනක් කෙරෙන්නේ නෑ. මට සංවිධායකයින්ට සෙනග ගේන්න කියන්න බෑ. සමහරු ගෙවල් උගස් තියලා.මේක කරන්නේ නයි ටිකක් එක්ක නම් කරන්න බෑ. ඔබතුමා ඇරෙන්න පක්ෂෙ ප්‍රමෝට් කරන්නේ නෑ කවුරුත් හැමෝම ආත්මාර්ථකාමී විදිහට කටයුතු කරන්නේ. නායකතුමාට කියන්න මේ නයි ටික අදුරගන්න කියලා.” යනුවෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan