එදා විජේවීර ජීවිත පූජා කරමින් අපේක්ෂා කළ අරමුණුවලින් බැහැරව අද NPP වෙනම ගමනක් යන්නෙ – උවිඳු විජේවීර

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 24, කොළඹ (LNW):

දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගය මේ වනවිට පෙනී සිටින බවත් එදා රෝහණ විජේවීර ඇතුළු 60,000 ක් ජීවිත පූජා කරමින් අපේක්ෂා කළ අරමුණුවලින් බැහැරව ඔවුන් ගමන් කරන බවට හොඳම උදාහරණය මෙය බවත් ,පේරාදෙණියේ දී පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් , දෙවන පරපුර දේශපාලන සංවිධානයේ නායක උවිඳු විජේවීර මහතා පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ එදා කළාක් මෙන් සන්නද්ධ ක්‍රියාවලියකට නොගොස් ප්‍රජාතන්ත්‍රවාදය හා ගැට ගැහුණු දේශපාලනයක තම සංවිධානය නිරත වන බව ද ඒ මහතා කීය. තම පියා ජනතා විමුක්ති පෙරමුණ බිහි කළ අවස්ථාවේ පැවැති අරමුණුවලින් බැහැරව මේ වනවිට එම පක්ෂය වෙනත් දේශපාලන ගමනක නිරත වෙමින් තිබෙන්නේ යැයි ද ඒ මහතා කීය.

ඉදිරියේ දී පැවැත්වෙන සෑම මැතිවරණයකටම දෙවන පරපුර අපේක්ෂකයින් ඉදිරිපත් කරන බවත්, පවතින දූෂිත වළල්ලේ කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ සන්ධාන ගතවීමට දෙවන පරපුර සූදානම් නොමැති බවත් අවධාරණය කළ අතර, නායකයෝ මියයන විට පක්ෂ, පෙරමුණු කෑලි කෑලිවලට කැඩීයාමේ ඉරණමට ජනතා විමුක්ති පෙරමුණ ද මුහුණ දුන් බවත් ජාතික ජනබලවේගය, පෙරටුගාමි, ජාතික නිදහස් පෙරමුණ, ජනතා සේවක පක්ෂය ආදි විවිධ කොටස්වලට පක්ෂය විතැන්ව තිබෙන බවත් කී ඒ මහතා වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනා ඇතුළත් පරණ පක්ෂවලට රට ගොඩ නැඟීමට නොහැකි බව ඔවුන් විසින්ම ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වා දී ඇතැයි ද පවසා සිටියේය.

වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂ නායකයෙකුම ආණ්ඩු පිහිටුවීමට දායකත්වය ලබා දෙමින් එම ආණ්ඩුවල ඇමැතිකම් දරා තිබෙන බවත් අලුතින් රට ගොඩනඟන බව කියන්නට ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් විජේවීර මහතා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමන අභියෝග ආවත් ජනතාවට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් හදලා දෙනවාමයි – කොට්ටහච්චි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට අසාධාරණ ලෙස විවේචන එල්ල කරන...

සමාජ මාධ්‍ය වීඩියෝ කිහිපයක් ගැන LOLC සමාගමෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හඬ සහ...

මුදල් විශුද්ධිකරණය : හිටපු ඇමති කෙහෙළියට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය...

රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සැමරුම අද කොළඹ රුසියානු මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW:කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවයේ විසි...