සමූහ දූෂණ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකරුවන් අද (24) යළිත් හෝමාගම අධිකරණයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 24, කොළඹ (LNW):

හංවැල්ල ජල්තර ප්‍රදේශයේදී 16 හැවිරිදි ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකරුවන් අද (24) දින යළිත් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇත.

අත්අඩංගුවට ගෙන සිටින ඇයගේ පෙම්වතා බව කියන පුද්ගලයා ඇතුළු 08 දෙනා මේ මස 28වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස එහිදී වැඩබලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා නියෝග කළ බව සඳහන් වේ.

අද (24) දින පැවැත්වීමට නියමිතව තිබූ හදුනා ගැනීමේ පෙරෙට්ටුව, අතවරයට පත් දැරිය තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බැවින් කල් තබා තිබෙන බවද පැවසේ.

ඒ අනුව ඊළඟ නඩු දිනයේදී පළමු සහ තුන්වන සැකකරුවන් දෙදෙනා හැර, අනෙක් සැකකරුවන් හය දෙනා හදුනා ගැනීමේ පෙරෙට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙස මෙහිදී නියෝග කර ඇත.

හංවැල්ල පොලීසිය මගින් සැකකරුවන්ට දූෂණය සිදු කිරීම, බලහත්කාරයෙන් රඳවා ගැනීම, පැහැරගෙන යාම සහ නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම යන කරුණු 04ක් යටතේ චෝදනා ගොනුකර තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැස්බෑව ආසනය පිං පොංට දුන්නේ නෑ – පොහොට්ටු සංවිධායක කියයි

රංගන ශිල්පි රජිත හිරාන් (පිං පොං) ශ්‍රී ලංකා පොදුජන...

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 30) දිනයේදී නැගෙනහිර සහ...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ හුන්ඩායි මෝටර් සමූහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ සංචාරයක (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරුවේ...

කුමන අභියෝග ආවත් ජනතාවට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් හදලා දෙනවාමයි – කොට්ටහච්චි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට අසාධාරණ ලෙස විවේචන එල්ල කරන...