*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

පියුමි හංසමාලිගේ ගිණුම්වල කෝටි 400ක් සංසරණය වෙලා!

කොළඹ LNW:ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි ගේ ගිණුම්වලට රු.කෝටි 400ක පමණ ප්‍රමාණයක් සංසරණය වී ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි ජාතික ජනතා පක්ෂයේ ප්‍රචාරක ලේකම් සංජය මහවත්ත මහතා පැවසුවේය.

ඒ, අද (24) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

පියුමි හංසමාලිගේ අයථා ඉපයීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණේ සංජය මහවත්ත මහතා විසිනි.

ඒ අනුව බැංකු 08ක ගිණුම් 20ක උක්ත මුදල් ප්‍රමාණය සංසරණය වී ඇති බවත් මෙම කළු සල්ලි සුදු කරන ජාවාරම ගැන තොරතුරු නුදුරේදීම අනාවරණය වනු ඇති බවයි ඔහු පැවසුවේ.

ඊට අදාළ විමර්ශන සිදුකිරීම සඳහා දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලය ලැබී තිබෙන බවයි මහවත්ත මහතා කියා සිටියේ.

”මේ රටේ කළු සල්ලි හම්බකරපු දේශපාලඥයෝ රැසකට ගස් යන්න වෙන අවස්ථාවක් තමයි මේ පියුමි හංසමාලිගේ සිද්ධිය. කෝටි 30ක් පමණ මුදලක් දැනුවත්ව මාස හතරක් වැනි කෙටි කාලයක් තුළ සංසරණය වෙලා තියෙනවා. ඒ වගේම බැංකු 08ක ගිණුම් 20ක තියෙන මුදල් ද අපි විශ්වාස කරනවා කෝටි 400ක පමණ මුදලක් සංසරණය වෙලා තියෙනවා. මේ තරම් මුදලක් කොහොමද මේ ගිණුම් අතර සංසරණය වුණේ කියන එක අපි ගාව මතිමතාන්තර තියෙනවා. නිල නොලත් තොරතුරු තියෙනවා. හැබැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් සෙවීමේ බලය අපි ලබා දීලා තියෙනවා. පැමිණිල්ලක් කරලා තියෙනවා. අදාළ තොරතුරු ටික දීලා තියෙනවා. ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් දේ අපි මේ අවස්ථාවේ කරලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරයි මේ සියලුම තොරතුරු හොයා ගන්න එක. අරක නෑ. මේක නෑ. මේක ගැන දන්නේ නෑ කියන්න විදිහක් නෑ. ග්‍රෑන්ඩ් කියන නිවසට ගෙවපු මිලියන 148ක ගෙවපු ආකරයේ තොරතුරු අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දාලා තියෙනවා. ගිණුම්වල තොරතුරු ලබා දීලා තියෙනවා.

දේශපාලඥයින්ගේ සහයක් නැතුව මෙහෙම වුණා නම් ඉර නැගෙනහිරින් පායන්න බැහැ. මේ රටේ වෙන හැම දෙකටම දේශපාලඥයින්ගේ සම්බන්ධයක් තියෙනවා. කළු සල්ලි සුදු කරන දේශපාලඥයෝ කවුද කියන එක මේ සිද්ධියත් එක්ක අනාවරණය වෙයි කියන විශ්වසය අපි තුළ තදින්ම තියෙනවා.
මේ වෙද්දී අධිකරණයත් ඉල්ලා තියෙනවා මේ මුදල් සංසරණය වූ වාර්තා ලබා දෙන්න කියල. පුද්ගලයින් 50කට වැඩි කණ්ඩායමකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් දැන් ප්‍රශ්න කරගෙන යනවා.”
යනුවෙන් මහවත්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan