මට නම් මේ ජනාධිපති චූන් එක ගැන විශාල බයක් තියෙන්නේ – මරික්කාර්

Date:

කොළඹ LNW:කොළඹ නගරය පුරාමආරංචිය සුභයි යනුවෙන් පෝස්ටර් ප්‍රචාරණයක් සිදුකර තිබුණු අතර ඒ ගැන සොයා බැලීමේදී බය හිතෙන දෙයක් සිදුවීමට නියමිත බවට තමන්ට හැඟී යන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැහැදිලි කළේය.

ඒ, අද (24) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

එළඹෙන 26 වැනිදා ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා හමුවී උන්වහන්සේලාව දැනුවත් කර රට බංකොලොත්භාවයෙන් මුදා ගත් බවට ජාතිය අමතා ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින් සිටින බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

පසුගිය වසරේ මාර්තු 31ද මෙලෙස රට බංකොලොත්භාවයෙන් මුදාගත් බව පවසා පසුව බදු වැඩිකර බඩු මිල වැඩි කර ජනතාවට ජීවත් විය නොහැකි තැනට පත්කළ බව මරික්කාර් මහතා කියාසිටියේය.

”ගිය වසරේ මාර්තු 31 ත් ජාතිය අමතල කිව්වා රට බංකොලොත්භාවයෙන් මුදාගත්තා සාමාන්‍ය තත්ත්වයට කටයුතු කරගෙන යන්න පුළුවන් කියල. ඊට පසේ වැට් බදු වැඩි කරලා උපයන විට බද්ද වැඩි කළා බඩු මිල වැඩිකරලා ජනතාවගේ බෙල්ල මිරිකනවා වගේ තත්ත්වයක් තමයි නිර්මාණය වුණේ. ඊට පස්සේ කරන්ට් බිල වැඩිකළා. වතුර බිල වැඩිකළා. ජනතාවට ජීවත් වෙන්න බැරි මට්ටමට පත්කළා. මට නම් මේගොල්ලෝ ගන්න හදන චූන් එකත් එක්ක විශාල බයක් ඇති වෙනවා. මොකද ගිය අවුරුද්දේ මාර්තු 31 රට බංකොලොත්භාවයෙන් මුදවා ගත්ත කිව්වම නැවත බංකොලොත්භාවයෙන් මුදවා ගත්තා කියල රඟපාන්න දෙයක් තියෙනවද? මට බය තියෙන්නේ ගියපාර කළා වගේ මේපාරත් රට මුදවා ගත්තා කියල බොරුවක් දාලා අර ගෙවල්වලට බද්ද දාන්න ද කොහෙද හදන්නේ. තව මොනවා වැඩිකරන්න හදනවද දන්නේ නැහැ. ඒ තත්ත්වය තුළ ජනතාවට ජීවත්වෙන්න නෙවෙයි මැරෙන්න තමයි සිද්ධ වෙන්නේ.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපරාධ මඩින්න සිවිල් කාර්ය බළකායෙන් 20,000ක් පොලීසියට!

කොළඹ LNW:අපරාධ මැඩලීම සහ පොලීසියට සහයක් වශයෙන් සිවිල් කාර්ය...

කෙහෙල්බද්දර පද්මේගේ අයිස් අමුද්‍රව්‍ය හංගාගෙන සිටි පොහොට්ටු හිටපු මන්ත්‍රී අත්අඩංගුවට!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම්...

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න හදපු අය දැන් සමාජය භීතියට පත් කරලා!

කොළඹ LNW: රට පුරා වෙඩි තැබීම්, නාදුනන තුවක්කුකරුවන්ගේ ඝාතන...