*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

හොකී ජයග්‍රහණය තව දුරටත් ඔප දමමු!

සටහන – නිශ්මං රණසිංහ

ජූනි 24, (LNW) කොළඹ : මේ දවස්වල ක්‍රිකට්වලින් ලංකාවේ කාන්තාවන් සතුටු හිතෙන ආංරංචි ගෙනෙමින් ඉන්නවා.ඒ අතරට හොකි කාන්තාවන් ද සතුටු හිතෙන ආරංචියක් ගෙනවිත් තිබෙනවා.ඒ ආසියානු යොවුන් හොකී සූරතාවය නියෝජනයට සුදුසුකම් ලබමින්.මේක පහසු දෙයක් හැටියට කාලයක් තිස්සෙ තිබුණත්,මෑත ඉතිහාසයේ අපහසු කාර්යයක්ව තිබුණ දෙයක්.ඒ නිසා මේ ජයග්‍රහණය වටිනවා.


ශ්‍රී ලංකා යොවුන් කාන්තා හොකී කණ්ඩායම අවසාන වරට 2012 දී මේ ආකාරයේ සුදුසුකමක් ලබා තිබෙනවා. මේ,ශ්‍රී ලංකාව ආසියානු හොකී සම්මේලන තරගාවලිය හරහා ආසියානු යොවුන් තරගාවලියට සුදුසුකම් ලබා ගන්නා තෙවන අවස්ථාවයි.ඒ දත්ත හරහා මෙහි අසීරුතාවය පැහැදිළි වෙනවා.
මෙවර මේ අසීරුතාවය වෙනස් කරන්නට මැදිහත් වෙන්නේ ක්‍රීඩා අමාත්‍යංශය විසින් ලබා දෙන අනුග්‍රාහකත්වය යන්න කෘතවේදීව සිහිපත් කළ යුතුයි.එයට ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැක් වූ සහයෝගය අගය කළ යුතුයි.ඉකුත් වසරේ අග භාගයේම මේ තරගාවලිය වෙනුවෙන් සූදානම්වීම,පුහුණුවීම මෙහිදී මේ ආකාරයෙන් ඉදිරියට පැමිණීමට හේතුවක් වුණා.එහෙත් යොවුන් පිරිමි කණ්ඩායමට ඒ භාග්‍යය උදා වුණේ නැහැ.ඔවුන්ගේ තේරීම් ඇතුළු කාරණාවන් ගණනාවක් සම්බන්ධයෙන් එකඟතාවයක් නොවුණ නිසා එම කණ්ඩායමේ සංචාරය ප්‍රතිපලදායක නොවීමෙන් පැහැදිළි වන්නේ මුදල් යෙදවීමම පමණක් නොව මුදල් වියදම් කරණ කාරණයේ ඇති පලදායීතාවයද අවසන් තීරණයට බලපාන බවයි.


මේ අනුග්‍රහය ගැන සතුටි විය හැකියි වගේම ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යංශයෙන් බැහැරව පරිපාලනය සඳහා බලයට එන ක්‍රීඩා සංගම්වලට විශාල අනුග්‍රහයන්ට යාමට නොහැකිකම පැහැදිළි වීමත් කණගාටුදායක තත්ත්වයක්.තවමත් නිලවරණයකදී වසරකට අදාළ ජාත්‍යන්තර ඉසව් ගණන මෙන්ම ඒවාට මුදල් යොදවීම සම්බන්ධයෙන් කිසිඳු නිලවරණයකදී අනුග්‍රාහයන් සෙවීම සහ අමාත්‍යංශයෙන් අපේක්ෂා කරන ප්‍රතිශතය හෝ දන්වන්නේ නැහැ.ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීම සඳහා යම් සීමාව ඉක්මවා යාමකදී හැරෙන්න ක්‍රීඩා පරිපාලන ඒකක අනුග්‍රාහයන් ලබා ගැනීමට පොහොසත්නම් මෙම කාර්යයට ක්‍රීඩා අමාත්‍යංශයට ස්තූති කරන අතරේම ලංකාවේ ක්‍රීඩාවන් මිට ඉදිරියෙන් තිබෙන බවත් කිව යුතුයි.
මෙවර සමස්ථ තරගාවලිය ගත් විට, රන්, රිදී හෝ ලෝකඩ පදක්කමකට පැමිණීමට නොහැකි වුව ද සිව් වැනි ස්ථානය තහවුරු කර ගනිමින් මීළඟ “ආසියානු කුසලාන” කනිෂ්ඨ හොකී තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත්වීම අගය කළ යුතුය.එහෙත් සමස්ථ තරගාවලියේ ප්‍රථිපල ද සැළකිල්ලට ගත යුතුය.


ඉන්දුනීසියාව සමග පැවති තීරණාත්මක තරගයේ දී ගෝල් 02 – 01 ක් ලෙස පෙරමුණ ගනිමින් මෙවර තරගාවලියේ තෙවන ජයග්‍රහණය සටහන් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණි. ඊට පෙරාතුව හොංකොං රාජ්‍ය ගෝල් 03 – 02 කින් ද සිංගප්පූරුව ගෝල් 02 – 01 කින් ද ශ්‍රී ලංකාව හමුවේ පරාජය ලැබීය.


මෙවර තරගාවලියේ දී චීන තායිපේ, බංග්ලාදේශය සහ තායිලන්තය හමුවේ පරාජය ලැබීම ශ්‍රී ලංකාවට සිදු විය. මුල් ස්ථානය හිමි කර ගත් සිටින චීන තායිපේ හමුවේ ගෝල් 12 – 00 ක් ලෙස ද බංග්ලාදේශය හමුවේ ගෝල් 07 – 02 ක් ලෙස ද තායිලන්තය හමුවේ ගෝල් 07 – 02 ක් ලෙස ද ශ්‍රී ලංකාවට හිමි වූයේ පරාජයකි. ශ්‍රී ලංකාව ජයගත් තරග තුනෙන් දෙකකම දක්ෂතාම ක්‍රීඩිකාව වීමට ශ්‍රී ලංකා නායිකාව වන වෙන්නප්පුව ශුද්ධ වූ පව්ලේ කන්‍යාරාමයේ නිපුනි ප්‍රනාන්දු සමත් වූවාය.ශ්‍රී ලංකාවේ සිවවන තැනට හේතු වූ ඉන්දුනීසියා තරගයේ දී දක්ෂතම ක්‍රිඩිකාව වූයේ මහනුවර ස්වර්ණපාලි බාලිකාවේ මල්මි ගුණරත්නය.
මේ තරගාවලියට එක් වූ කණ්ඩායම ගැන විග්‍රහයේ දී බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වූ විශේෂ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් වූයේ නායිකා නිපුනි සහ සීතාදේවී බාලිකාව හරහා කණ්ඩායමට එක්ව සිටි තරූ රාජපක්ෂය.ඒ වේගවත් තරග රටාව ශ්‍රී ලංකා හොකී ක්‍රීඩාවට ආදර්ශයක් බව ඔව්හූ මේ තරගාවලියේ දී ද පැහැදිළි කළහ.


ප්‍රතිපල සටහනේ පළමුවරට ශ්‍රි ලංකාවට උඩින් සිටින බංගලාදේශය ලබා ඇති ප්‍රගතිය මෙහිදි අවධානයට ලක් විය යුතු තත්ත්වයකි.මෙම තරගාවලියේ දී හොංකොං සහ සිංගප්පූරු කණ්ඩායම් පහත වැටී ඇති තත්ත්වයක් දකින්නට තිබුණු අතර මෙම තරගාවලියේ දී ඉහළම ප්‍රගතිය පෙන් වූයේ බංගලාදේශය වන අතර ඔවුන් ආසියානු යොවුන් කුසලානය සඳහා සංගම් කුසලානය හරහා තේරි පත් වූයේ පළමු වරටය.
ඉන්දියාව,දකුණු කොරියාව,ජපානය,මැලේසියාව සහ චීනය නිතරගයෙන් තේරි පත්වන ආසියානු තරගාවලියට එම රටවල් පහ නොවන ඉංග්‍රිසි Q අකුර යොදා ඇති කණ්ඩායම් 2024 දී මේ තරගාවලියෙන් තේරී පත්ව ඇත.(මේ සමඟ ඇති ඡායාරූපය බලන්න)
මෙහිදී ශ්‍රී ලංකා හොකී සඳහා වත්කමක් නොවන්නේනම් එම සැළසුම් සෙවීම ප්‍රතිපත්තිමය වශයෙන් සකසන තුරු ආසියානු සංගම් කුසලානයෙන් ආසියානු තරගාවලිය දක්වා ඉහළට එසැවුණු ශ්‍රී ලංකා යොවුන් ක්‍රිඩිකාවන් ගැන අමාත්‍යංශය හෝ අවධානය යොමු කළ යුතුය.එහිදී අඩු වශයෙන් ශ්‍රී ලංකාව සංගම් කුසලාන තරගවලදී පරාජය වූ කණ්ඩායම් පරාජය කිරිමට හෝ ඒ පරාජයේ විශාලත්වය අවම කර ගැනීමට හෝ මේ අවසථාවේදී එම තරුණ ක්‍රීඩකයන්ට උපකාර කළ යුතුය.තව දුරටත් ඔවුන් සංචිතගතව පුහුණු කිරිම මෙන්ම මානසික අභිප්‍රේරණය සඳහා යොමු කිරීම ද ඉතාමත් වැදගත් කොට සැළකිය හැකිය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan