(VIDEO):කෙටි කාලීන අරමුණක් වෙනුවෙන් ජාතිකත්ව කඳවුර අතහරිනවද නැද්ද? – ප්‍රසන්නලාත් ඉදිරියේ තබාගෙන නාමල් කියපු කතාව

කොළඹ LNW:කෙටි කාලීන අරමුණු නිසා තමන් ගොඩනැගුනු භූමිය අමතක වෙන යුගයක් නිර්මාණය වී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ අද (24) විජේරාම නිල නිවසේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ත ලංකා කාරක සභාව, විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය රැස්වුණු අවස්ථාවේදීය.

ජාතිකවාදී කඳවුරට නායකත්වය දුන් අපි කෙටිකාලීන අරමුණක් වෙනුවෙන් එම ජාතිකත්ව කඳවුර අතහරිනවද නැද්ද යන්න තීරණය කළ යුතු වෙන අතර පක්ෂයක් ලෙස එහි මූලික හර පද්ධතිය රැකගත යුතු බවයි රාජපක්ෂ මහතා පැවසුවේ.

අප විසින් විශ්වාස කරන දේශපාලන කඳවුරට නොයෙක් නායකයින් බිහිවීමට උත්සහ කරන්නේ අප අතර ඇති වුණ බෙදීම් නිසා බවද හෙතෙම කියාසිටියේය.

මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ ආණ්ඩුව අස්ථාවර බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගොඩනැගුව ආණ්ඩුව ඊට අහිමි වෙමින් තිබෙන බවයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සත්වර බවත් පක්ෂය ස්ථාවර නම් ශක්තිමත් ආණ්ඩු හදිය හැකි බවයි අබේගුණවර්ධන මහතා එහිදී පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...