මධුෂානි තායිලන්තයේදී දෙපාරක් රත්තරන් වෙයි

Date:

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW:

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරන මධුෂානි හේරත් තරගාවලියේ පළමු දිනයේදී දුර පැනීමේ ඉසව්වෙන් සිය හොඳම පෞද්ගලික දක්ෂතාවය ලෙස මීටර් 6.36 ක් දුර පැන රන් පදක්කම දිනා ගත්තාය.තරගවෙලියේ දෙවන දිනයේදී ඇය යළිත් තුන් පිම්ම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තාය.එහිදී ද ඇය ඊට පෙර වාර්තා කර තිබූ හොඳම දක්ෂතාවය වන මීටර් 13.53 ක දක්ෂතාවය අභිබවා යමින් මීටර් 13.58 ක දුරක් පැන්නාය.


අද දවසේ දෙවන පදක්කම දිනා ගත්තේ වත්සලා හපුආරච්චි ය.ඇය තත්පර 14.27 ක දක්ෂතාවයක් දක්වමින් මීටර් 100 කඩුලු ඉසව්වේ රිදී පදක්කම්ලාභිණිය වූවාය.අමාශා ද සිල්වාට අවසාන රේඛාව ආසන්නයේදි මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්ම දිනා ගැනීමට තිබුණ අවස්ථාව තායිලන්තයේ ජිරාපාට් ඛනොන්ටා විසින් අහිමි කළාය.ඒ අනුව අමාශාට පදක්කම් බලාපොරොත්තු අත හැර ගන්නට විය.


හෙට ලංකාවට සුබවාදී බලාපොරොත්තු තැබිය හැකි දවසක් වනු ඇත.විශේෂයෙන් නිමාලි ලියනආරච්චි සිය පළපුරුද්ද සමඟ මීටර් 800 කාන්තා අවසාන තරගයට සුදුසුකම් ලබා ගත්තේ මූලික තරගය පහසුවෙන් ජය ගනිමින්ය.රුසිරු චතුරංග ද මීටර් 800 පිරිමි තරගයේ පෙරමුණ ගෙන සිටින්නේය.අයෝමාල් අකලංක මීටර් 400 කඩුලු තරගය ජය ගත්තේද ඉතා පහසුවෙන්ය.එහි අවසාන තරගයද හෙටය.පිරිමි තුන් පිම්ම ඉසව්වේ මූලික තරග නිමා වෙද්දි ද පෙමුණ ගෙන සිටින්නේ ද ශ්‍රී ලංකාවේ සෆ්රීන් අහම්ඩ නජිමුදීන් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකඩ පැහැ ඉන්දීය තරගාවලියට ශ්‍රී ලංකාවෙන් නවයක්

නිශ්මං රණසිංහ අගෝස්තු 10, කොළඹ LNW: භුබනේස්වර් හි කාලිංග ක්‍රීඩාංගණයේදී ,2025...

සාර්ථකව අවසන්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය!

රෂිකා හෙන්නායක අගෝස්තු 10 කොළඹ LNW : පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව...

“වලස් කටා” පොලිසියෙන් මිදී පැන යාමට තැත් කරද්දී දෙපාවලට සහ එක් අතකට හානි..

රෂිකා හෙන්නායක අගෝස්තු 10 කොළඹ LMN : තිළිණ සම්පත් නොහොත්...

ශ්‍රී ලංකාව අමෙරිකාව සමග කටයුතු කළ යුත්තේ කෙසේද?

රෂිකා හෙන්නායක අගෝස්තු 10 කොළඹ LNW : ලොව බලවත්ම රාජ්‍යය...