වසර 18 ට පසුව එස්එස්සී පිටියේ සිඳුවන ශ්‍රී ලංකා-බංගලාදේශ හමුව නැරඹීමට නොමිලේ අවස්ථාව

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW:

ජූනි 25 වන දා කොළඹ එස්එස්සී ක්‍රීඩා පිටියේදී ඇරඹෙන දෙවන ටෙස්ට් තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂක ජනතාවට නොමිලේ අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබෙනවා.1984 දී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගයකින් ආරම්භ වන එස්එස්සී පිටියේ ටෙස්ට් තරග පැවත්වීමේ ඉතිහාසයට වසර 40 ඉක්මවා ගිය ඉතිහාසයක් හිමියි.


අවසාන වරට මෙම ක්‍රීඩා පිටියේදී ටෙස්ට් තරගයක් පවත්වා ඇත්තේ 2024 වසරේ පෙබරවාරි මාසයේදී වන අතර එහිදී ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානයට එරෙහිව කඩුලු 10 ක ජයක් ලබන්නට සමත්ව තිබෙනවා.බංගලාදේශය සමඟ මේ ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකාව තරග තුනකට සහභාගි වි ඇති අතර එම තරග තුනම විශාල ජයග්‍රහණවලින් කෙළවර කරන්නට ශ්‍රී ලංකාවට හැකි හැකි වි තිබෙනවා.එහෙත් මෑත කාලයේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය එස්එස්සී පිටියේදි හමු වී නැති අතර 2007 න් පසුව හමුවන පළමු අවස්ථාව ලෙස වසර 18 ට පසුව මෙම අවස්ථාව උදා වී තිබෙනවා.


මෙම තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂක ජනතාවට නොමිලේ ප්‍රවේශවීම සඳහා අංක 3 සහ 4 ගේට්ටු විවර කර තබන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 සිට ඊශ්‍රායල රැකියා සඳහා බඳවා ගැනීම් රජය හරහා පමණයි : SLBFE

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW : 2027 ජනවාරි 1...

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...