“පරිසර පොළ” ඇමති නලින්දගේ නිරීක්ෂණයට!

Date:

රෂිකා හෙන්නායක ජූනි 24, කොළඹ LNW :

කළුතර වස්කඩුව, වාඩියවත්ත ක්‍රීඩාංගණයේ පැවැති “පරිසර පොළ” බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ මඟ පෙන්වීම මත කළුතර ප්‍රා‌දේශීය සභාව පරිසර සුරක්ෂිතතාව අරමුණූ කරගනිමින් ක්‍රියාත්මක කරනු ලැබීය. එ අනුව මෙම “පරිසර පොළ” පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

භාවිතයෙන් ඉවතලන ද්‍රව්‍ය එක්රැස් කිරීම, අලෙවි කිරීම, සහ වෙළෙඳුන් විසින් මිල දී ගැනීම ඇතුළු අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අමාත්‍යවරයා දැඩි අවධානය යොමු කරන ලදි. එමෙන් ම අදාළ වැඩසටහන ක්‍රියාත්මක වන අකාරයත්, පවතින අඩුපාඩු පිළිබඳවත්, එම වැඩපිළිවෙළට උපරිම ජනතා සහභාගීත්වයක් ලබාගනිමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මෙහි දී අමාත්‍යවරයා සොයා බලන ලදි.

මෙම භාවිතයෙන් ඉවතලන ද්‍රව්‍ය එක්රැස් කිරීමේ  “පරිසර පොළ” වැඩපිළිවෙළ යටතේ  භාර ගනු ලබන ද්‍රව්‍ය නිසි පරිදි වර්ගීකරණය කර ප්‍රතිචක්‍රීකරණ කටයුතු සදහා අදාළ ආයතන වෙත සපයනු ලබන අතර, ඒ තුළින් විශාල වශයෙන් පරිසරය දුෂණය වීමෙන් වළක්වා ගැනීමට අවස්ථාව උදා වේ.

භාවිතයෙන් ඉවතලන ද්‍රව්‍ය අනිසි ලෙස පරිසරයට බැහැර කිරීම තුළින් මිනිස් සෞඛ්‍යයට, පරිසර පද්ධතිවලට සහ පරිසරයේ සමස්ත ගුණාත්මකභාවයට අහිතකර බලපෑම් ඇති කරනු ලබන බැවින් ‍භාවිතයෙන් ඉවතලන ද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමේ වැදගත්කම මෙහි දී අමාත්‍යවරයා අවධාරණය කරන ලදි. තව ද එම වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ගම් නගර පුරා ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාවය මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.

නිවෙස්වල, ව්‍යාපාරික ස්ථානවල හා සේවා ස්ථානවල භාවිතයෙන් ඉවතලන පොලිතීන්, වීදුරු, පොල්කටු, ටින්, යකඩ, ඇලුමිනියම්, කඩදාසි, පොත්, පත්තර, කාඩ්බෝඩ්, විදුලි හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මෙම “පරිසර පොළ” වෙත භාර ගනු ලබන අතර, ඒ සදහා මුල්‍ය වටිනාකමක් ද එම ද්‍රව්‍ය ලබාදෙන්නන්ට ගෙවීම විශේෂත්වයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝට්ටු පෙරළීමෙන් ටහෝ විලෙහි අට දෙනෙක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු ඇමරිකාවේ විශාලතම...

වතු කම්කරු වැටුප් වැඩි වීම ගැන බලාපොරොත්තුවක්!

කොළඹ LNW:මෙම වසරේදී වතු කම්කරු දෛනික වැටුප රු.1700 දක්වා...

යුක්තිය මෙහෙයුමෙන් කළේ බොරුවක්ද? – මාස 05ට පොලීසිය හොයාගෙන තිබෙන අයිස් සහ හෙරොයින් තොගය!

කොළඹ LNW:පසුගිය මාස 05ක කාලය තුළ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ...