*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

සෝභිත හිමිගේ ක්‍රීඩා බණේ ඇත්තම තිත්ත

ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ ඉන්දියානු ව්‍යවස්ථාව කියවා ඉන්දියාවේ පැවති තරගාවලියක් ගැන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අපූරු දේශනාවක් කළේය.ඒ අනුව ඉන්දියාව ශ්‍රී ලංකාව සිය ප්‍රාන්තයක් ලෙස සළකා ශ්‍රි ලංකාව එරට අන්තර් ප්‍රාන්ත තරගාවලියට කැඳවා ඇති බවය.උන් වහන්සේ කියව ාකාරයට එය ක්‍රීඩා ගණනාවක් නියෝජනය කරන තරග උළෙලක සිරිය ගත්තද ඇත්තටම එය හරියටම හඳුන්වනවානම් ඉන්දීය අන්තර් ප්‍රාන්ත ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය ය.(61 st Indian Inter State Athletics Championships)
වචනවල ඉල්ලී දේශප්‍රේමය උතුරා කඩා වැටෙන්නට දෙමින් පසුගිය කාල වකවානුවේ ඇති කළ දේශජ හැඟීම් මේ වන විට රටට සතුටු වෙන කිසිවක් ඉතිරි කර නැත.දැන් මේ රට ලෝකයට හිඟන්නන් ලඟින අම්බලමක් පමණි.බංගලාදේශයෙන් පවා ණයට කමින් සිටින අපිට බොහෝ වෙලාවට මේ ඉරණම අත් වෙන්නට හේතු වූයේ රටේ විදේශ සම්බන්ධතා සම්බන්ධයෙන්,ගිවිසුම් සම්බන්ධයෙන් මවපු කොරහෙ කිඹුල්ලු නිසා රටට අහිමි වූ දේ ය.මේ කිඹුලන් මැවීම සඳහා හාමුදුරුවන් වහන්සේලා කරපු දායකත්වය අති විශාලය.මේ වෙලාවේ සෝභිත හාමුදුරුවන් මවන්නෙත් කොරහට ඔබන්නවත් බැරි තරමේ තඩි කිඹුලෙක්ය.

හාමුදුරුවෝ ඉන්දීය ව්‍යවස්ථාවක වගන්ති ගෙන එමින් එය ක්‍රීඩා උළෙලට අමුණන්නට උත්සාහ කළහ.එහෙත් ක්‍රීඩා ලෝකයේ යම් චාරිත්‍ර වාරිත්‍ර බඳු දේ හැදෙන්නේ රටක ව්‍යවස්ථාව පදනම් කරගෙන නොවේය.සමහර විට ශ්‍රී ලංකාව ද මෙවැනි තරග අවස්ථාවලදී වෙනත් රටවල ක්‍රීඩකයන්ට අවස්ථානෝචිතව අරාධානා කරන්නේ ක්‍රීඩාවේ සුබ සිද්ධිය උදෙසා ය.සමහර විට වෙනත් දේශපාලනික කාරණාවක් නිසා රටවල්වල ආකර්ශණය සහ පැමිණීම අවශ්‍යය වූ විට මෙන්ම කුමන හෝ ක්‍රීඩාවක සම්ප්‍රදායක් පදනම් කරගෙනද ඒ දේ සිඳු විය හැකිය.

සෝභිත හාමුදුරුවන් නොදන්නේ මේ තරඟ උළෙලට ගිය වසරේ ද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූ බවය.ඉන්දියාව කොරෝනාවෙන් නැඟිටිමින් සිටිය මොහොතේ මෙම තරගාවලියට රටවල් කිහිපයකටම ආරාධනා කරේ ඔවුන්ගේ ව්‍යවස්ථාව අනුව ඔවුන් එ’රට ප්‍රාන්ත නිසා නොවේය.වසංගත තත්ත්වයෙන් මිදෙමින් සිටින රටට විදේශ ආකර්ශනය දිනා ගැනීමටය.එහිදී පැවති වාතාවරණය පදනම් කරගෙන ආරාධනා ලද රටවල් නොපැමිණිය ද,ශ්‍රී ලංකාව සහ මාල දිවයින තරගවලට සහභාගි විය.(මෙම ලිපියට මාල දිවයින තරග වැදි තරගයක ප්‍රතිපල සටහනක් ද අමුණා තබමි.)
ශ්‍රී ලංකාවට සහභාගි වන්නට හේතුවක් ද තිබිණ.විශේෂයෙන් නිමාලි ලියනාරච්චි,නිලානි රත්නායක සහ සුමේධ රණසිංහට දක්වා තිබූ දක්ෂතා යම් ආකාරයකින් තව සුළු තත්ත්වයකින් ඉදිරියට දමා ගැනීමෙන් ඔවුන්ට ටෝකියෝ ඔලිම්පික් වරම් දිනා ගන්නට අවස්ථාවක් තිබිණි.එසේම තරුණ ක්‍රීඩිකාවන් කෙටි දුර සහ එහි සහය දිවීමටත් එකතු වූ අතර ඔවුන් ඉන්දියාව අන්ද මන්ද කරනාකාරයේ දස්කම් දක්වන්නට සමත් විය.එම සංචාරයෙන් පසුව කොරෝනා නිරෝධායනයට ස්ථාන ලබා දිමේදී ද ගැටළු ඇති වූ අතර එම තත්ත්වය පදනම් කරගෙන එකින් එක ඇළුණු ප්‍රශ්න ගණනාවක්ද මතු වූ අතර සමාජයේ ජනප්‍රිය මාතෘකාවක් වූ එම කරුණු හෝ රට අවුලන්නට තොරතුරු සම්පාදනය කර දුන් කෙනා ස්වාමීන් වහන්සේට දී තිබුණේ නම් උගත් හිමිනමක් හැටියට එකවරම මෙවැනි ප්‍රකාශයක් කරන්නට නොපෙළඹෙන්නට තිබුණේය.

මෙවර 61 වන තරගාවලියටද ඉකුත් වසරේ මෙන්ම ශ්‍රී ලංකාවට ඇරයුම් ලැබීණ.එවර ද ජාත්‍යන්තර මට්ටමේ තරගාවලි කිහිපයකට සුදුසුකම් ලබන්නට ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවක් සිටි බැවින් ශ්‍රී ලංකාව ආරාධනාව භාර ගත්තේය.නමුත් බලාපොරොත්තු වූ ක්‍රීඩකයා වූ රොෂාන් ධම්මික ය.දශක දෙකකට වඩා පැරණි මීටර් 110 කඩුලු ඉසව්ව වෙනුවෙන් වූ වාර්තාව බිඳ දැමීම මෙන්ම පළමු වරට එහි කාලය තත්පර 14 ට වඩා අඩු කාලයකට ගෙන ආ ක්‍රීඩකයාද වූයේ රොෂාන් ධම්මික ය.නිලානි රත්නායක ක්‍රීඩිකාවය.ඇය මීටර් 3000 බාධක දිවීම ඉසව්වේ වාර්තාලාභීනිය වන අතර ඇය ආසියාවේද ඉහළින්ම සිටින්නියක බැවින් ඇයට ද ප්‍රධාන වශයෙන් අවස්ථාව තිබිණ.නමුත් මේ දෙදෙනාම පෞද්ගලික හේතුන් මත මේ තරගාවලියට එක් නොවිණ.ඉකුත් වසරේ ඉන්දියාව අන්ද මන්ද කළ මීටර් 100 කාන්තා සහය දිවීමේ කණ්ඩායමට අමතරව මීටර් 400 සහය දිවීමේ පිරිමි කණ්ඩායම ද එයට නම් කර තිබිණ.

මෙහිදී මීටර් 100 සහය දිවීමේ කණ්ඩායමට නම් කරන ලද ක්‍රීඩිකාවක් අවසන් මොහොතේ දී සංචාරයෙන් ඉවත් වීම නිසා සහය දිවිමේ කණ්ඩායම පිටත් වූයේ අතිරේක ක්‍රීඩිකාවක් හෝ නැතුවය.ඒ නිසාම ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමේ සිටි ඉකුත් වසරේ මීටර් 100 කඩුලු ඉසව්වේ දස්කම් දැක් වූ ලක්ෂිකා සුගන්ධිට සහ මීටර් 200 දක්ෂතා දැක් වූ මේධනී ජයමාන්නට සිය පෞද්ගලික ඉසව් සඳහා යෙදෙන්නට ද නොහැකි වූ අතර ඇතැම් විට එම ක්‍රීඩිකාව සහභාගි වූයේ නම් ඇය ද මීටර් 100 ඉසව්ව නියෝජනය කරන්නට තිබිණ.

නමුත් හාමුදුරුවන් වහන්සේ ක්‍රීඩාව හා ඉන්දීය ව්‍යවස්ථාව පටලවාගෙන ක්‍රීඩා සම්ප්‍රදායන් නොදැන භයානක කතාවක් සමාජ ගත කරන්නේ නැතුව රටේ ක්‍රීඩාවද රට ලෝක අවධානයට යොමු කරන වැඩක් නිසා උන් වහන්සේ සඳහන් කරන 61 වන ක්‍රීඩා උළෙල හා සබැඳී ලංකාවේ මලල ක්‍රිඩාවට අදාළ ඛේදවාචකයක් ද විය.

ගෙවුණු සෑම ආසන්න මලල ක්‍රීඩා උළෙලකම සිය පෞද්ගලික දක්ෂතාවය ඉහළ දමමින් ශ්‍රී ලංකා රිටි පැනීමේ කාන්තා වාර්තාව උසුලන සචිනි පෙරේරාට අවස්ථාවක් නොදෙන්නට ක්‍රීඩා බලධරීහු කටයුතු නොකළහ.විශේෂයෙන් පනින පනින තරගාවලිවල ජාතික වාර්තාව අලුත් කරන මේ ක්‍රීඩිකාව ඉල්ලා සිටියද එම අවස්ථාව ලබා නොදීම රටේ මලල ක්‍රීඩා ඉසව්වකට නොසළකා සිටීමක් වන අතර එය තව දුරටත් මන්දෝත්සාහි කිරීමකි.සෙන්ටි මීටර් 25 ට ආසන්න උසකින් වසරකට අඩු කාලයක් තුළ සිය ඉසව්ව ඉදිරියට ගෙන එනෙන ක්‍රීඩිකාවකට ඊට ඉහළ තලයේ අවස්ථාවක් ලබා දීම තරගකාරී මට්ටම තුළ සිය දක්ෂතාවය වැඩි කර ගැනීමට ඔහුට හෝ ඇයට දෙන අවස්ථාවක් වගේම එම ඉසව්වේ තත්ත්වය රට තුළ ඉහළ දැමිමට ද දක්වන දායකත්වයකි.නමුත් අවාසනාවන්ත ලෙස එම අවසථාව ඇයට නොදී හකුලා ගන්නට මලල ක්‍රීඩා බලධාරියා කටයුතු මූලික වූ තැන හෙට එම ඉසව්ව රට තුළ ඉදිරියට ගෙන යන ක්‍රීඩිකාව දක්නට නොලැබෙන තත්ත්වයක් උදා වී ඇත.ආරංචිය ඇය රට ද හැර ගොස් ඇති බවය.

සෝභිත හාමුදුරුවන්ට මේ සියල්ල අධ්‍යයනය කර මලල ක්‍රීඩාව සම්බන්ධ මැදිහත්වීමක් කරන්නට හැකියාව ඇත.ඒ තේරිම නොකර යවන ලද ක්‍රීඩක කීඩිකාවන් කෙතරම් ජයග්‍රහණ ගෙන ආවේද යන්න විමසා බැලීම වටින්නේය.හිමි වුණේ සහය දිවිම් කණ්ඩායම් දිනා ගත් රිදී පදක්කම් පමණි.ඉල්ලීම් කර හෝ අවස්ථාව නොඳුන් රිටි පැනිමේ ඉසව්වෙන්ද ඇය සුපුරුදු පරිදි දස්කම් ඉදිරියට ගෙන එන්නට ඉඩ තිබිණ.නමුත් එය උත්සාහ කරන්නට හෝ අවස්ථාව දුන්නේ නැත.දුන් සියලු ඉසව් ද සහය දිවිමේ ඉසව් දෙක හැරෙන්න පදක්කම් ලබා නැත.

මේ තත්ත්වයන් අනුව සෝභිත හාමුදුරුවන් ඉන්දීය ව්‍යවස්ථාවට අනුව ප්‍රාන්ත කොට සළකා ආරාධනා කරන්නේනම් ඒ ව්‍යවස්ථාවට අනුව අනෙකුත් රටවල් ඉන්දියාවේ ප්‍රාන්තයන් ද?ඉකුත් වසරේ මාල දිවයින ද සහභාගි විය.ඊට පසුව ව්‍යවස්ථාව වෙනස් කර ඇද්ද?කරුණාකර යම් විෂයක් ගැන කියන විට එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ විෂය දන්න ප්‍රායෝගික බුද්ධිමතෙක්ගේ සහයෝගය ගන්න.එසේ නොවුණොත් වන්නේ හාමුදුරුවරු විසින් මෙවැනි පැමිණිලි කිරීම විහිළුක් දක්වා පල්ලම් බැසීමය.

RM

ඉකුත් වසරේ තරගාවලියට මාල දිවයිනත් එක් විය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan