බැංකු හරහා මුදල් එවන විදෙස්ගත ශ්‍රමිකයින්ට වැඩි ප්‍රතිලාභ දෙන්න සාකච්ඡාවක් (Photos)

විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවීමේදී ඔවුන්ට වැඩි ප්‍රතිලාභ ලබාදීම සම්බන්ධයෙන් විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා රජයේ සහ පුද්ගලික බැංකුවල ඉහළ කළමනාකාරීත්වය සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.

බැංකු ක්‍රමය හරහා මුදල් එවීමේදී දැනට ලබාදෙන ප්‍රතිලාභවලට අමතර ප්‍රතිලාභ ලබාදෙන ලෙසට අමාත්‍යවරයා එහිදී ඉල්ලා ඇති අතර එයට සුභවාදී ප්‍රතිචාරයක් බැංකු නියෝජිතයින්ගෙන් ලැබී ඇති බව සඳහන්.

ඒ අනුව විදේශ ගත ශ්‍රමිකයින්ට අඩු පොලීයක් යටතේ නිවාස ණය ලබාදිම පිළිබදව මෙහිදී වැඩි අවධානයක් යොමු කරනු ලැබ ඇත.

ජනමාධ්‍ය සහ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද මෙම අවස්ථාවට සහභාගී වී ඇති අතර ඔහුගේ යෝජනාවන්ද බැංකු නියෝජිතයින් වෙත ඉදිරිපත් කර ඇති බවත් වාර්තා වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල් වීරවංශට වරෙන්තු!

කොළඹ LNW:හිටපු ඇමතිවරයෙක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්...

ආර්ථික හා වෙළඳ ප්‍රශ්න සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අතර සාකච්ඡා!

කොළඹ LNW:චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ කණ්ඩායම් අතර සාකච්ඡාවක් ඊයේ(20)...

චෝදනා 23000 ඉක්මවා එල්ල වූ පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2019 පාස්කු ඉරු දින කතෝලික දේවස්ථාන,...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකෙනෙක ගැටී අනතුරක්: පිරිසක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දක්ෂිණ අධිවේගී මාර්ගයේ...