හිටපු ජනපති මෛත්‍රීට එරෙහිව රතන හිමිගෙන් CIDයට පැමිණිල්ලක් !

Date:

රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරු ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කළ ප්‍රකාශයට එරෙහිව අතුරලියේ රතන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

“ජූඩ් ශාමන්ත ජයමහ කියන පුද්ගලයා නිදහස් කරන හැටියට නිර්දේශ කළේ බන්ධනාගාරය මුල් කරගෙන පවතින විශේෂඥ කමිටුවක්. ඒ පරීක්ෂණයෙන් තමයි තීරණය වුණේ මොහු මරණීය දණ්ඩනයෙන් නිදහස්කොට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් කරලා ඊටපසුව වසර ගණනක් ගියාට පස්සේ ඔහුව නිදහස් කරන්න කියලා නිර්දේශ කළේ මේ විශේෂඥ කමිටුව. ඔබතුමාගේ අත්සනින් තමයි නිදහස් කරන්න පුළුවන්, ඒ නිසා ඒක ගැන සලකා බලන්න කියලා අපි මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් කීපවතාවක්ම ඉල්ලා සිටි බව ඇත්ත. ඒ වරදට දඬුවම් ලැබූ පුද්ගලයාගේ දෙමව්පියන්ගෙන් යම්කිසි කෙනෙක් මුදල් ලබාගෙන තිබුණු බවට බුද්ධි අංශයෙන් වාර්තා කළා නම් ඇයි එතුමා ඒ ගැන පරීක්ෂණයක් කළේ නැත්තෙ ? මේකෙන් එතුමා මාගේ නම ඉලක්ක කරලා යම්කිසි චෝදනාවක් කළා නම් රටේ ඉන්න ඉහළම නීතීඥයෝ දාගෙන – අපේ හිතවත් අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි හොයාගෙන – ඉහළම ආකාරයේ නඩුවක් මම කියනවා. මම කල්පනා කළා අපි සියලු දෙනාම නිදහස් වෙන්න ඕනෙ. මේ ප්‍රකාශය වගකීම් විරහිත ප්‍රකාශයක්ද, එතුමාට නියම ආකාරයෙන් බුද්ධි අංශ මේ ප්‍රකාශය වාර්තා කරලා තිබුණාද, ඒ බුද්ධි අංශ නිලධාරියා කවුද, ඇයි එතුමා පරීක්ෂණයක් නොකළේ කියලා වහාම පරීක්ෂණයක් කරන්න කියලා අපි ඉල්ලා හිටියා. එතකොට අපට යම්කිසි චෝදනාවක් තියෙනවා නම් අපි ඒකෙන් නිදහස් වෙනවා”

අතුරලියේ රතන හිමි මේ බව පැවසුවේ ඊයේ (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...