එනවයි කියපු පෙට්‍රල් නැව තාම නැහැ.ඩීසල් නැවට ඇනවුමකුත් නැහැ.බොරතෙල් නැවත් නැහැ! (VIDEO)

Date:

මේ වන විට ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය අඩු වී තිබෙන අතර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ යාම නිසා මිල සූත්‍රයට අනුව රට තුළද ඉන්ධන මිල පහළ යා යුතු බව සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු හා මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මාහතා පැවසුවේය.

ඒ,අද කොළඹදී (24) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ වන විට මහත් පීඩාවකට පත්ව සිටින ජනතාව එම සහනය හෝ දිය යුතු බව ඔහු සඳහන් කරන ලදී.

මේ අතර අද (24) දින මෙරටට ළඟා වෙන බවට විෂය භාර අමාත්‍යවරයා විසින් කියන ලද පෙට්‍රල් රැගත් නැව තවමත් පැමිණෙන බවක් නැති අතර ඩීසල් නැවටද මෙතෙක් ඇනවුමක් දී නැති බවයි ආනන්ද පාලිත මහතා කියා සිටියේ.

එමෙන්ම බොරතෙල් නැවක් එන බව පැවසුවද එයද අසත්‍යයක් බවයි ඔහු පැවසුවේ.

මේ හේතුවෙන් පිරිපහදුව වස දැමීමේ තත්ත්වයක් මතුව තිබෙන බවත් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 1500ක්වත් සංස්ථාව සතුව නැති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මෙම ඉන්ධන හිඟය හේතුවෙන් දිවයින පුරා හිටි ඉන්ධන පිරවුම්හල් 97%ක් මේ හේතුවෙන් දැඩි පීඩනයක සිටින බව ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.

එමෙන්ම දැනට තිබෙන ඩීසල් ප්‍රමාණවත් වන්නේ දින දෙකකට පමණ බවද සඳහන්.

පිරිපහදුව අක්‍රීය වීමෙන් දැඩි භූමිතෙල් හිඟයක් පැමිණෙන අතර ගුවන් යානාවලට අවශ්‍ය ඉන්ධන ඇනවුමක් ද සිදුකර නැති බව දැක්වෙයි.

පවතින තත්ත්වය මත අත්‍යවශ්‍ය සේවා බරපතල ලෙස කඩා වැටීමේ අවධානමක තිබෙන බවයි ආනන්ද පාලිත මහතා වැඩිදුරටත් පෙන්වාදුන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...