අරගලකරුවන් 4 දෙනෙකුට ඇප ලැබෙයි. සෙසු අයට ලැබෙන තුරු ඔවුනුත් නතර වෙයි !

Date:

ජුනි 09 සහ 10 යන දිනවල පැවති විරෝධතා උද්ඝෝෂණ දෙකක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි 07 දෙනා අතරින් ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, එරංග ගුණසේකර සහ ධම්මික මුණසිංහ යන සිව්දෙනා ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කර තිබේ.

එම සිද්ධීන්ට අදාළවම අත් අඩංගුවට ගෙන සිටින රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න, රත්කරව්වේ ජිනරතන හිමි සහ ළහිරු වීරසේකර යන අය ජුලි 01 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

කෙසේවෙතත් තමන් සමගම අත් අඩංගුවට පත්වූ සෙසු තිදෙනාටත් ඇප ලැබෙන තුරු ඇප තැන්පත් නොකර බන්ධනාගාරගතවම සිටීමට මනුවර්ණ, ජෙහාන්, ධම්මික සහ එරංග තීරණය කර ඇති බවත් වාර්තා වේ.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...