හෙට රස කරන පියවර තුනක පළමු පියවර 24 දා සුගතදාස ක්‍රීඩාංගණයෙන්

Date:

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩාවෙන් හෙට දවස දකින්නට මඟ කියන තරු ලකුණු හඳුනාගැනීමේ අපේක්ෂාව ඇතිව ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය මූලකිත්වය ගෙන ක්‍රියාත්මක කරන ඉසව් ත්‍රිත්වයේ පළමු පියවර හෙට සුගතදාස ක්‍රීඩාංගණයෙන් ආරම්භ වෙයි.පාසල් 200 ක් හරහා ළමුන් 4000 ක් සහභාගි වන රිටිස්බරි පාසල් සහය දීවීමේ තරගාවලිය 24 දා සිට 26 දා දක්වා පැවත්වෙන ඇත.අනාගතය වඩාත් රසවත් අත්දැකීම්වලින් පිරවිය හැකි පාසල් මලල ක්‍රීඩා දක්ෂයන් හදුනාගැනීමේ මෙම කාර්යය සඳහා අනුග්‍රහය දක්වන්නේ රිට්ස්බරි චොක්ලට් නිෂ්පාදන නාමය යටතේය.


එසේම ඉදිරියේදී ජොන් ටාබට් පාසල් මලල ක්‍රීඩා සූරතාවලිය කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ලෙස ප්‍රධාන අදියර දෙකකින් ද එම කණිෂ්ඨ තරග දිවයින පුරා මූලික වටයන් ලෙස ද ක්‍රියාත්මක වීමට නියමිතය.මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් කොළඹ ටාජ් සමුද්‍ර හෝටල් පරිශ්‍රයේදී පැවති අතර එම අවස්ථාවට CBL Foods International Pvt Ltd හි අලෙවි සාමාන්‍යාධිකාරී නිලුපුල්ද සිල්වා,පාසල් මලල ක්‍රීඩා සංගමයේ සභාපති ආචාර්ය කුසල ද සිල්වා ඇතුළු එහි නිලධාරීන්ද එක්ව සිටියහ.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෙන් සහ දුමිදු ජාත්‍යන්තර පිටියේදී දස්කම් දක්වයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යහුයේ...

ආපදාවට පත් පුද්ගලයින්ට සහ ව්‍යාපාර වෙත මහ බැංකුවෙනුත් සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට ලක්වූ පුද්ගලයින්ට සහ...

ලෝක කුසලාන මිශ්‍ර කැරම් තරගාවලියේ පිරිමි අනු සූරතාවය සහ කාන්තා තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: මාල දිවයිනේදි ඊයේ නිමාවට...

කල්පිටිය මුදුදෙන් මතු වූ අයිස්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ඊයේ  (5) රාත්‍රියේ...