සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ලබන 27 වනදා , රුපියල් මිලියන 130,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුනා දෙයි .
දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක භාණ්ඩාගාර බිල්පත් මෙලෙස වෙන්දේසි කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ , ලබන 30 වන දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් අදාළ වෙන්දේසියේ ගෙවීම් කළ යුතු දිනය ලබන ජූලි මස 4 වනදා ලෙස වෙනස් වන බවයි .
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??