චම්පික ප්‍රතිපත්තියත් අරන් ආගමික නායකයින් හමුවට!

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නායකත්වය දරන එක්සත් ජනරජ පෙරමුණ ප්‍රතිපත්තිය දිවයින පුරා ආගමික නායකයන් වෙත ලබා දීම ආරම්භ කර තිබේ.

ඒ සමඟම ආණ්ඩුව විසින්ම්මේ වන විට දියත්කර තිබෙන ව්‍යාපෘති හේතුවෙන් සිදුවන් අගතිය ගැන රට පුර සාකච්ජා ඇති කිරීමද සිදුකරන බවයි රණවක මහතා සඳහන් කරන්නේ.

“පසුගිය මැයි 22 එක්සත් ජනරජ පෙරමුණ දියත් කළාට පසු අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් රටේ දැන් මේ වර්තමානයේ සිදුවෙමින් පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණය, ඒ වගේම අස්වැසුම වැඩපිළිවෙල නිසා රටේ ඇතිවෙලා තිබෙන නොසන්සුන්තාවය වගේ වර්තමාන දේශපාලන කරුණු පිළිබඳ, ආගමික බෞද්ධ, ඒ වගේම කතෝලික, කිතුනු, හින්දු, ඉස්ලාමීය ආගමික නායකයින් හා සමාජයේ වැදගත් පුද්ගලයින්, නාමධාරීන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් රට වටේම ගෙනියනවා. එතකොට අද රටේ දිස්ත්‍රික් 18 ක එක්සත් ජනරජ පෙරමුණේ සාමාජිකයන් මේ වැඩපිළිවෙළ දියත් කරලා තියෙනවා. ඒ වගේම ලබන මස, ඒ කියන්නේ ජූලි පළවෙනිදා ඉඳන් අපි ආරම්භ කරනවා රට පුරාම අපේ දිස්ත්‍රික් සමුළු පැවැත්වීමට. අපේ සංවර්ධන මාසයක් නම් කරලා තියෙනවා ජූලි මාසේ. ඒ ජූලි මාසය ඇතුළත නව සාමාජිකයන් බඳවා ගැනීමත් දිස්ත්‍රික් මට්ටමෙන්, ආසන මට්ටමෙන්, පළාත් පාලන කොට්ඨාශ මට්ටමෙන්, සංවිධායකයින් බඳවා ගැනීමේ ක්‍රියාවලියත් අපි දියත් කරනවා. ඒක කොළඹ නව නගර ශාලාවෙන් අපි ආරම්භ කරනවා, ජූලි පළවෙනිදා.”

මේ අතර ආණ්ඩුව ෆේල් ද යන්න ජනතාව විසින් තීරණය කරනු ඇති අතර පවතින තත්ත්වය තාවකාලික බවයි රණවක මහතා පවසන්නේ.

එහෙයින් උදම් ඇනිය යුතු තත්ත්වයක් නොමැති බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

කෙසේවෙතත් එක්සත් ජනරජ පෙරමුණ ලෙස වැඩපිළිවෙලක් රටට ඉදිරිපත් කරලා තිබෙන බවත් මේ ණය අර්බුදයෙන් හා ආර්ථික අර්බුදයෙන් වසර තුනක් තුළ රට ගොඩනගන මාවතට පිවිසිය හැකි බවත් හෙතෙම අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...