සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින්, ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා කිසිඳු බාහිර පාර්ශ්වයකට මුදල් ලබාදීමෙන් වළකින ලෙස මහජනතාවට දැනුම් දෙයි.
දෙරට අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව හිමිවන බවයි කාර්යාංශය පවසන්නේ ,
එලෙස ඊශ්‍රායලයේ රැකියා හිමිවූ තවත් පිරිසක් ලබන 26 වැනිදා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතව ඇති අතර , පසුගිය වසරේ අප්‍රේල් 28 වැනිදා සිට මේ දක්වා ශ්‍රී ලාංකික 389 දෙනෙකුට ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා වරම් හිමිව ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??