ගිලිහුණ සබඳතා යළි ශක්තිමත් වුණා – රාජ්‍ය ඇමති සියඹලාපිටිය

Date:

කොළඹ LNW:රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත ගිලිහි ගියා ජාත්‍යන්තර සබඳතා යළි ගොඩනග ගැනීමට හැකිව තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

පසුගිය දිනවල ජනධිපතිවරයා සම්බන්ධ වූ විදෙස් සංචාර ඊට මනා පිටුවහලක් වූ බවයි සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ.

මූල්‍ය ගෝලීය ගිවිසුමක් ඇතිකරගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් සමඟ පැවති සාකච්ජාව ඉතා වැදගත් වූ අතර සෙසු නායකයින් සමඟ ඇතිකරගත් සුහදතාවද ඉතා වැදගත් වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

”ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමෙන් එකඟතාවක් ඇතිකරගත්තට පස්සේ අපිට තිබුණා ලොකු අභියෝගයක් ණය හිමියන් සමඟ ප්‍රතිව්‍යුහගතකරණයට මූලික වශයෙන් එකඟකර ගැනීම. ඒ අභියෝගය ජයගත්තට පස්සේ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වෙන්න පුළුවන් වුණේ. දැන් අපි දෙවෙනි කාරණාව සම්බන්ධයෙන් ඉතාම සාර්ථක සාකච්ජාවක ඉන්නේ. මෙතැනදී ජනාධිපතිගේ සංචාර වැදගත් වුණා. අත්‍යවශ්‍ය දේ තමයි ජාත්‍යන්තර සම්බන්ධය.
සැප්තැම්බර් මැද භාගයේ තමා ඇති කරගත් එකඟතා සමාලෝචනය කරන්නේ.”

මේ අතර ආර්ථිකයද ශක්තිමත් වෙමින් පවතින බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටින්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...