ස්විස්ටර්ලන්ත අධිකරණය යුක්තිය පසිඳලයි. සුනඛයන්ටයත් වඩා පහලට සේවකයන් ඇද දැමු බ්‍රිතානයේ ඉහලම ධනවත් පවුලකට සිර දඬුවම් !

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 25,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රිතානයේ ඉහලම ධනවතකු වන ප්‍රකාශ් හින්දුජා ඇතුළු ඔහුගේ පවුලේ සිවු දෙනෙකුට සිර දඬුවම් නියම කිරීමට ස්විස්ටර්ලන්ත අධිකරණය නියෝග කර තිබේ.

ඒ ඔවුන්ගේ නිවසේ සේවයේ නියතුව සිටි ඉන්දීය සංක්‍රමණික සේවකයන් පිරිසකට දිනකට පැය 18ක් පමණ සේවය ලබා ගනිමින් ඉන්දීය රු : 700 (£7) අඩු වැටුපක් ගෙවීම හේතුවෙනි.

ස්විස්ටර්ලන්තයේ සාමාන්‍ය පැයක වැටුප ඉන්දීය රුපියල් 2,800 (£28)වේ. එමෙන්ම ඔවුන් සේවකයන්ට ගෙවා ඇත්තේ ස්විස්ටර්ලන්තයේ භාවිතා මුදලින් නොව ඉන්දීය රුපියල් වලිනි.

එසේම ඉහලම ධනවත් පවුල සිය සුනඛයන් වෙනුවෙන් සිය සේවකයන්ගේ වැටුපට වඩා මුදලක් වැය කර ඇති බවත් සඳහන් ඒ අනුව, ස්විස්ටලන්ත අධිකරණය විසින් අවුරුදු 70 ඉක්මවූ ප්‍රකාශ් හින්දුජා හා ඔහුගේ බිරිඳට වසර හතර හමාරක සිර දඬුවම් නියම කර ඇති අතර ඔහුගේ පුත්‍රයා වන අජේ හින්දුජා හා ඔහුගේ බිරිඳ වන නම්රතා ට එරෙහිව වසර හතරක සිර දඬුවම් නියමකර තිබේ.

මෙම ඉතා ධනවත් පවුල අදාළ සේවකයන් සමඟ සිවිල් අධිකරණයකදී සමතයකට පැමිණීමට උත්සහ කළ නමුත් ස්විස්ටර්ලන්තයේ අපරාධ යුක්ති පද්ධතිය විසින් ඔවුන්ට මෙසේ සිර දඬුවම් නියම කිරීම විශේෂත්වයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...