පෞද්ගලික රෝහල්,චැනල් සෙන්ටර්,ලැබ් ක්‍රියාත්මක වෙන්නේ 2024ට ලයිසන් එක නැතුව?

Date:

කොළඹ LNW:මෙරට පෞද්ගලික වෛද්‍ය ආයතන එනම් පෞද්ගලික රෝහල්,පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන (චැනල් සෙන්ටර්),පෞද්ගලික රසායනාගාර ඇතුළු ආයතන 2024 සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරන වාර්ෂික බලපත්‍රය නොමැතිව ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වී තිබේ.

පෞද්ගලික වෛද්‍ය ආයතනයක් පිහිටුවීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියට යටත්ව ඊට බලපත්‍රයක් ලබා ගත යුතු වන අතර එය සෑම වසරකම අලුත් කිරීම අනිවාර්යයෙන් කළ යුතු වෙයි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන සභාව විසින් එනම් Private Health Services Regulatory Council වෙතින් එම නියාමනය සිදුවන අතර එහි සභාපති ලෙස කටයුතු කරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයායි.

සාමාජිකයින් 28 කගෙන් සමන්විත මෙම කවුන්සිලය හරහා පෞද්ගලික වෛද්‍ය සේවාව නියාමනය වන අතර සෑම වසරකම සැප්තැම්බර් මාසය වන විට එළඹෙන නව වසර සඳහා බලපත්‍රය අලුත් කර ගැනීමට අදාළව පෝරමය පුරවා මුදල්ද ගෙවා එය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දිය යුතු වෙයි.

අනතුරුව බලපත්‍රය අලුත් කිරීමට පෙර ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරු හරහා එම ආයතන පරීක්ෂාවට ලක්වන්නේ නිසි ප්‍රමිතියට ඒවා පවත්වාගෙන යන්නේද යන්න තහවුරු කරගැනීම සඳහායි.

අනතුරුවයි අදාළ ආයතන වෙත බලපත්‍ර නිකුත් කිරීම සිදුවන්නේ.

එම පූර්ව කටයුතු සියල්ල අවසන්ව ඇති නමුත් මෙම වසරේද අඩකටත් වැඩ වැඩි කාලයක් ගත වී තිබියදීත් එම ආයතන වෙත 2024 වර්ෂයට අදාළ බලපත්‍රය ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් කටයුතු කර නැති බවටයි අප වෙත දැනගන්න ලැබී අත්තේ.

ඒ අනුව මෙරට තුළ ක්‍රියාත්මක ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් ඇතුළු පෞද්ගලික වෛද්‍ය සේවා ආයතන මේ වන විට පවත්වාගෙන යන්නේ 2024 වසරට අදාළ බලපත්‍රය නොමැතිව බව සඳහන්.

අදාළ ආයතන විසින් නියමනයක් සහිතව නිසි ප්‍රමිතියෙන් පවත්වාගෙන යාම හේතුවෙන් මහජනතාවට එම සේවා ලබා ගැනීමේ ගැටළුවක් නැතත් සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස ඔවුන්ගේ වගකීමයි මෙහිදී පැහැර හැර ඇත්තේ.

බලපත්‍රය ලබා දීමට මෙතරම් ප්‍රමාදයක් සිදුව ඇත්තේ ඇයිද යන්න සිදුකළ සොයා බැලීමේදී අනාවරණය වුණේ උක්ත පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන සභාවේ අභ්‍යන්තර අර්බුද ඊට හේතුව වී ඇති බවයි.

පෞද්ගලික වෛද්‍ය සේවා ආයතන විසින් මෙම බලපත්‍රය නිකුත් කිරීමේ ප්‍රමාදය ගැන විමසුවද නොයෙක් හේතු දක්වමින් තවදුරටත් එය ප්‍රමාද කරමින් පවතින බවයි තවදුරටත් අප වෙත තොරතුරු වාර්තා වුණේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ඇතුන්ගේ අනාගත ඉරණම..?

රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ LNW : පසුගිය කාලය පුරාවට...

රටේ අධ්‍යාපනය ගැන ඇත්තම තත්ත්වය මෙන්න – මෙච්චර කාලයකට ජාතික ප්‍රතිපත්තියක් තිබී නැහැ

කොළඹ LNW:වර්තමානය දක්වාම රට තුළ අනුමතවූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්...