අම්පාරට උරුමයෙන් ඔප්පු!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 25, කොළඹ (LNW):

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන අද (25) දින අම්පාර වීරසිංහ ක්‍රීඩාංගණයේදී සිදු විය.

ඒ අනුව, අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක පුද්ගලයන් 1,654ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

එම ප්‍රදේශයේ සුදුසුකම්ලාභීන් 20,000ක් වන බවද සඳහන් වේ.