චීනයේ Chang’e-6 මාස දෙකක සර්ථක මෙහෙයුමකින් පසු නැවත පෘථිවියට පැමිණේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 25,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ආසන්න ආවාටයක් මත සාර්ථකව ගොඩ බැස දින 52ක දීර්ඝ මෙහෙයුමකින් අනතුරුව ඒවායේ පස් සාම්පල රැගත් චීනයේ නිෂ්පාදිත Chang’e-6 චන්ද්‍ර ගවේෂණ යානය සාර්ථකව පෘථිවියට පැමිණ තිබේ.

ග්‍රහලෝක සෑදෙන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රධාන ප්‍රශ්නවලට Chang’e-6 චන්ද්‍ර ගවේෂණ යානයේ සාම්පල හරහා පිළිතුරු ලැබෙතැයි විද්‍යාඥයන් උනන්දුවෙන් පසුවන අතර මේ වන විට පෘථිවියෙන් ඈතට මුහුණලා ඇති චන්ද්‍ර ප්‍රදේශය ගවේෂණය කර ඇති එකම රට චීනය වේ. එහි ඇති දුර සහ යෝධ ආවාට සහ පැතලි පෘෂ්ඨ ඇතුළු දුෂ්කර භූමි ප්‍රදේශය හේතුවෙන් ළඟා වීම තාක්ෂණික වශයෙන් අභියෝගාත්මක වී තිබිණ.

සාර්ථක චන්ද්‍ර මෙහෙයුමකින් අනතුරුව Chang’e-6 මෙහෙයුමේ නිලධාරීන් කැඳවමින් ජනාධිපත් ෂී ජින්පින් ඔවුනට සුභ පතා ප්‍රකශ කර තිබුණේ, විශ්වයේ අභිරහස් හෙළිදරව් කිරීමේදී නව අදියරකට ළගා විය හැකි බව තමන් විශ්වාස කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...