තිබ්බ තැන මතකයි. ඉන්න තැන දැනෙනවා. ඒ හින්ද දැනෙන තැන ඉන්නවා….

Date:

”ආරංචිය සුබයි” කියල හදපු ටැග්ලයින් එක නැත්නම් ස්ලෝගන් එක පොසිටිව් විදියට හෝ නෙගටිව් විදියට හෝ නැගල යනවා. ඒ කියන්නේ හදපු අයගේ අභිමතාර්ථය ඉෂ්ඨවෙලා තියනවා. ඒ කියන්නේ ස්ලෝගන් එක මාකට්වෙලා.

හැබැයි තවත් දෙයක්. ඒ ස්ලෝගන් එක එක්ක රට නිකම් දෙකට බෙදෙනවා වගේ වෙලා තියනවා. හරියට ජනමත විචාරණයක හැඩහුරුකමක් එක්ක. මේක ඒ නිසා ‘ගෝඨා ගෝ හෝම්’ වගේම ඉහලින්ම මාකට් වෙච්ච ස්ලෝගන් එකක්. හැමෝම ඒ එක්ක එකතු උණා.

එක කට්ටියක් ඔව් ආරංචිය සුබයි කියනවා. අනික් අය මොන පිස්සුද මොන සුබයක්වත් නැහැ. සම්පුර්ණයෙන් අසුබයි කියනවා. මේ බුකියේ ජනමත විචාරණයෙන් නම් අසුබ පැත්තට කට්ටිය වැඩී. ඒක ලංකාවේ හැටි. අපි හිතමු ඒක තමයි බුකියේ ජනප්‍රිය රැල්ල කියල.

බුකිය නොවන ලංකාවේ සාමාන්‍ය මිනිස්සු මොකක් හිතයිද කියන්න තවමත් දන්නේ නැහැ.

කොහොම උනත් තවමත් ආරංචිය මොකක්ද කියන්න දන්නෙත් නැහැ. මේ එකතුවෙලා තියෙන්නේ හරියටම දන්නේ නැති ආරංචියක් එක්ක.

අනික දැන් හිතුවොත් මේක රනිල්ගේ කැම්පේන් එකේ කොටසක් කියල එහෙමනම් රනිල් තමයි සුබ ආරංචිය පැත්තේ ඉන්නේ. අනික් ඔක්කොම ඉන්නේ අසුබ පැත්තේ. ඒ අනුව සියල්ල දෙකට බෙදෙනවා. රනිල් සහ රනිල්ට එරෙහි හැටියට. අතරමැද මොකුත් නැහැ.

මම වඩාත් කැමති සුබ පැත්තේ හිටගන්න. ඒ නිශ්චිත ලෙස රනිල් නිසා නෙවෙයි. ඇත්තටම තිබ්බ තැන ඉඳල දශමයක් හෝ අපි ගොඩඑන පැත්තට ඇවිල්ල ඉන්න හින්ද. සහ ඉතුරු ටික යන්න ධනාත්මක සිතුවිල්ලක් ඕනි නිසා.

වෙන ඕනෑම ආණ්ඩුවක් තිබ්බත් අවුරුද්දකින් පස්සේ එයාලටත් මෙහෙම කියන්න වෙනවා. නැත්නම් ආණ්ඩුකිරීමේ නෛතිකබව නැතිවෙනවා.

තිබ්බ තැන මට මතකයි. දැන් ඉන්න තැන මට දැනෙනවා. ඒ හින්ද දැනෙන තැන ඉන්නවා (ජනප්‍රිය නොවුණා වුනත්).

මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...