කඳුකර වතුකම්කරු ජීවිතය දිගහැරෙන ‘200+; Beyond the Struggle’ (PHOTO STORY)

Date:


කොළඹ LNW:මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 හා 24 යන දෙදින පුරා කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලා ගාරයේදී පැවැත්විය.

මලයහ තමිල් ප්‍රජාව මෙරටට පැමිණ වසර 200ක් ඉක්ම ගොස් තිබෙන අතර ශ්‍රී ලාංකේය නාමය ලොව ඉදිරියේ සනිටුහාන් කිරීමෙහිලා තේ කර්මාන්තය වෙනුවෙන් පරම්පරා ගණනාවක් තිස්සේ ඔවුන් සිය ශ්‍රමය කැප කරමින් පසුවෙයි.

මලයහ තමිල් ප්‍රජාවගේ ජීවිත සමාජීය, සංස්කෘතික සහ ආර්ථිකමය වශයෙන් තවමත් උසස් තත්ත්වයට පවත්ව නොමැත. පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතයක් උදාකර ගැනීමේ අනවතර අරගලයේ ඔවුන් අදටත් නියැළී සිටින අතර ඔවුන්ගේ සැබෑ ජීවන රටාව මෙම ජායාරූප ඔස්සේ පෙන්වා දී තිබේ.

වතු පරිපාලනය යටතේ දෛනික ජීවිත ගෙවන මලයහ තමිල් ප්‍රජාව ශ්‍රී ලාංකේය රාජ්‍යයේ පුරවැසි කණ්ඩායමක් වශයෙන් භාරගෙන තිබේද යන ප්‍රශ්නය ඔවුන් එහිදී ප්‍රශ්න අකර සිටියි.

මෙම ඡායාරූප ප්‍රදර්ශනයේ ප්‍රමුඛතම අරමුණ වන්නේ මලයහ තමිල් ප්‍රජාවගේ ජීවිත සම්බන්ධයෙන් සමාජ සංවාදයකට මඟ පෑදීම සහ ඒ ඔස්සේ දේශපාලන සහ සමාජීය ප්‍රතිසංස්කරණ උදාකර ගැනීම සඳහා බලපෑම් කිරීමයි.

බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ජීවත්වන මලයහ තමිල් තරුණ තරුණියන් විසින් මෙම සියලු ඡායාරූප ලබාගෙන ඇති අතර මලයහ තමිල් ප්‍රජාව වශයෙන් තමන් මුහුණ දෙමින් සිටින ප්‍රශ්න පිළිබද සවිඥානික වෙමින් සමාජීය හා දේශපාලනික ප්‍රතිසංස්කරණ උදාකර ගැනීමේ උවමනාව පෙරදැරිකරගෙන ඔවුහු මෙම ක්‍රියාවලිය සම්බන්ධ වී සිටිති.

මලයහ තමිල් ප්‍රජාව මුහුණ දෙන ගැටලු (Issues), ඔවුන් අත්පත්කරගෙන ඇති සංවර්ධනයන්, ජයග්‍රහණ (Development and Achievement) සහ ඔවුන්ගේ දායකත්වයන් (Contributions) යන තේමා ඔස්සේ ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්විය.

ඡායාරූප කතන්දර 25ක් (ඡායාරූප 250ක්) සහ කෙටි වීඩියෝ පට 20ක් ප්‍රදර්ශනය කෙරුණි.

මෙහි ඉදිරි ප්‍රදර්ශන එළඹෙන 28 වැනිදා බදුල්ලේදීත් 30 වැනිදා හැටන්වලදීත් පැවැත්වීමට නියමිතයි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...