ඉදිරි මාස 3ට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 90%ක්ම ඉන්දියාවෙන් ගෙන්වනවා – ඇමති නලින්

Date:

ඉදිරි මාස තුන සඳහා මෙරටට අත්‍යාවශ්‍ය භාණ්ඩවලින් 90%ක් ම ඉන්දියාවෙන් ගෙන ඒමට කටයුතු කෙරෙන බවත් ඒ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් වෙළඳපොලේ ඇතිවීමට ඉඩ නොතබන බවත් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

“මේ ගැන කලබල වෙන්න එපා. විශේෂයෙන්ම සහල් හිඟයක් එන්නෙ නෑ. ලංකාවෙ දේශීය සහල් වගේම ආනයනික සහලුත් වෙළඳපොලට නිකුත් කරගෙන ගියා, දැනුත් පසුගිය දිනවල ඕපන් එකවුන්ට් නැතිවීම නිසා දේශීය සහල් විතරයි වෙළඳපොලේ තිබ්බෙ. ආනයනික සහල් ගෙන්වීම නැවතුණා. නමුත් අපි ඒක දැන් තීන්දුවක් ගත්තා සහල් නැවත ලංකාවට ගෙන්වන්න. වෙළඳපොලේ දැනට යම් අඩුවීමක් තියෙනවා, ඒකත් පහුගිය කාලයේ ජනතාව විශාල වශයෙන් සහල් මිලදී ගැනීමට පෙළඹීම නිසා. අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩවල විශාල අඩුවක් නැහැ, දැන් සාමාන්‍ය තත්වයට ඒවා එන්න පටන් අරන් තියෙනවා”

“ඉදිරි මාස කිහිපය සඳහා ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික දෙන්න පුළුවන් කියලා වගකීමකින් යුතුව අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් ඉදිරි මාස 8 සඳහා අපට සහල් ප්‍රශ්නයක් නෑ. ඊට අමතරව ආහාර අර්බුදය ගැන සාකච්ඡාවෙ තියෙන පුරෝකථනයන් නිසා ඒ කියන්නෙ ඉස්සරහට මෙහෙම වෙන්න පුළුවන් කියලා ඒක අනුව තියෙන බඩු සේරම ගෙදර ගෙනාවාම ලෝකෙ කිසිම රටකට ඒ විදියට බඩු දෙන්න පුළුවන්කමක් නෑ”

“ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 180ක අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට අපට අවස්ථාව තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඉදිරි මාස දෙකක් තුනක් ඇතුළත 90%ක් විතර අත්‍යාවශ්‍ය භාණ්ඩ ඉන්දියාවෙන් අපට ලැබෙනවා”

වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ නෙත් එෆ්. එම්. ගුවන්විදුලි නාලිකාවේ වැඩසටහනකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...